Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමයට (SLPA-UAE) නව නිළධාරී මණ්ඩලයක් පත් වේ

May 21, 2025

මධ්‍යම කඳුකර මාර්ග වල රිය අනතුරු බහුල ස්ථානවල ආරක්ෂිත වැට ඉදි කිරීමට පියවර

May 21, 2025

ගාසා තීරයේ දරුවන් 14,000 ක් කුසගින්නේ මිය යාමට ආසන්නයි

May 21, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 21
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»අත්‍යාවශ්‍ය භාණ්ඩ කීපයක මිල නැවත වෙනස් කෙරේ
Sri Lankan news

අත්‍යාවශ්‍ය භාණ්ඩ කීපයක මිල නැවත වෙනස් කෙරේ

kumudikaBy kumudikaFebruary 6, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පාරිභෝගිකයාට වඩාත් ලාභදායි වෙළෙන්දාගෙන් භාණ්ඩ මිලදී ගැනීමට මඟ පෙන්වීමක් ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයක මීට පෙර නිකුත් කර තිබූ උපරිම තොග සහ සිල්ලර මිල ගණන් නැවත සංශෝධනය කළ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා ඊයේ (5) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

එහිදී තොග මිල නිශ්චිත මිලක් ලෙස ද, සිල්ලර මිල මිල පරාසයක් ලෙස ද, ප්‍රසිද්ධ කළ බවත් ඒ අනුව භාණ්ඩ මිලදී ගැනීමට පෙර සිල්ලර වෙළෙන්දාට සහ පාරිභෝගිකයාට වඩාත් සහනදායි ස්ථානයෙන් මිලදී ගැනීම කළ හැකි බවත් එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව වියළි මිරිස්, සුදු සීනි, ආනයනික හාල්මැස්සන්, ආනයනික ලොකු ලූණු, ආනයනික අර්තාපල් සහ මයිසූර් පරිප්පු යන භාණ්ඩලවල උපරිම තොග සහ සිල්ලර මිල අඩු කර තිබේ. 
වියළි මිරිස් කිලෝවකට රුපියල් 870 ක, සුදු සීනි කිලෝවකට රුපියල් 265 ක, ආනයනික හාල්මැස්සන් කිලෝවකට රුපියල් 900 ක, ලොකු ලූණු කිලෝවකට රුපියල් 320 ක, අර්තාපල් කිලෝවකට රුපියල් 120 ක සහ පරිප්පු කිලෝවකට රුපියල් 295 ක තොග මිල නැවත ප්‍රසිද්ධ කර තිබේ.

වියළි මිරිස් කිලෝවක් රුපියල් 950ත් 1200ත් අතර, සුදු සීනි කිලෝවක් රුපියල් 280 ත් 310 ත් අතර, හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1050 ත් 1400 ත් අතර, ලොකු ලූණු කිලෝවක් රුපියල් 360 ත් 420 ත් අතර, අර්තාපල් කිලෝවක් රුපියල් 180 ත් 250 ත් අතර සහ පරිප්පු කිලෝවක් රුපියල් 310 ත් 380 ත් අතර සිල්ලර මිලක් ප්‍රසිද්ධ කර තිබේ.

මීට පෙර මිල ප්‍රකාශයේදී වියළි මිරිස් කිලෝවකට රුපියල් 900 ක, සුදු සීනි කිලෝවකට රුපියල් 265 ක, ආනයනික හාල්මැස්සන් කිලෝවකට රුපියල් 1000 ක, ලොකු ලූණු කිලෝවකට රුපියල් 400 ක, අල කිලෝවකට රුපියල් 145 ක සහ පරිප්පු කිලෝවකට රුපියල් 290 ක තොග මිලක් ප්‍රසිද්ධ කර තිබුණි.  

එහි වියළි මිරිස් කිලෝවක් රුපියල් 1100 ත් 1300 ත් අතර, සුදු සීනි කිලෝවක් රුපියල් 290 ත් 310 ත් අතර, හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1100 ත් 1500 ත් අතර, ලොකු ලූණු කිලෝවක් රුපියල් 450 ත් 570 ත් අතර, අල කිලෝවක් රුපියල් 180 ත් 210 ත් අතර සහ පරිප්පු කිලෝවක් රුපියල් 300 ත් 360 ත් අතර සිල්ලර මිලක් ප්‍රසිද්ධ කිරීමට පියවර ගෙන ඇත. 

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි ආර්ථික හා සංචාරක දෙපාර්තමේන්තුව සහ මයික්‍රොසොෆ්ට් ආයතනය එමිරේට්ස් හි නවෝත්පාදනයන් වේගවත් කිරීමට ගිවිසුම්ගත වෙයි
Next Article 2023 දී DEWA ඉලෙක්ට්‍රොනිකව කුලී කොන්ත්‍රාත්තු 742,000 කට අධික සංඛ්‍යාවක දත්ත ලබා ගනී
kumudika

Related Posts

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමයට (SLPA-UAE) නව නිළධාරී මණ්ඩලයක් පත් වේ

May 21, 2025

මධ්‍යම කඳුකර මාර්ග වල රිය අනතුරු බහුල ස්ථානවල ආරක්ෂිත වැට ඉදි කිරීමට පියවර

May 21, 2025

ගාසා තීරයේ දරුවන් 14,000 ක් කුසගින්නේ මිය යාමට ආසන්නයි

May 21, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.