ඉදිරි පැය 48ක කාලය තුළ ප්‍රමාණවත් සහනාධාර නොලැබුණහොත් ගාසා තීරයේ දරුවන් 14,000ක් පමණ කුසගින්නේ මියයනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සහනාධාර ඒජන්සියේ ප්‍රධානි ටොම් ෆ්ලෙචර් විසින් සිදු කරනු ලැබු අනතුරු ඇඟවීමෙන් පසු ට්‍රක් රථ සියයකට අවසර ලබාදීමට ඊශ්‍රායලය එකඟ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊශ්‍රායල හමුදාව විසින් සති 11ක කාලයක් පුරා ගාසා තීරයට සහනාධාර ට්‍රක් රථ ඇතුළුවීම අවහිර කළ අතර, එම තහනම පෙරේදා නිමාවට පත්වීමෙන් පසුවද අවසර ලැබී ඇත්තේ ට්‍රක් රථ 5කට පමණක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ. එක්සත් ජාතීන්ගේ සහනාධාර ඒජන්සියේ ප්‍රධානියා අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ ඉන් පසුව බවද වාර්තා වේ.
පෙරේදා රාත්‍රියේදිද ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට අඛණ්ඩව ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බවත්, එම ප්‍රහාරවලින් පලස්තීනුවන් 38 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඊශ්‍රායලයෙන් පැහැරගත් දැනට රඳවා තබා සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරිමට හමාස් සංවිධානය පියවර ගන්නේ නම් ගාසා යුද්ධය හෙට වුවද නිමාවට පත්විය හැකි බවට ඊශ්‍රායල අගමැතිවරයා ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වේ. හමාස් සංවිධානය විසින් පසුගිය 2023 වසරේ ඔක්තෝබරයේදී ඊශ්‍රායලයට කඩා වැදී පැහැරගත් ප්‍රාණ ඇපකරුවන්ගෙන් තවත් 58 දෙනකු නිදහස් කිරිමට ඉතිරිව සිටින බවත්, ජීවතුන් අතර සිටින්නේ ඉන් 23 දෙනකු පමණක් බවත් වාර්තා වේ.