Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ (DXB) මගී ගමන් මලු ලබා නිවසටම ලබා දීමට සූදානම්

May 21, 2025

එමීර් රාජ්‍යයේ ගිම්හානය නිල වශයෙන් ජුනි 21 වන දා ඇරඹෙයි

May 21, 2025

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමයට (SLPA-UAE) නව නිළධාරී මණ්ඩලයක් පත් වේ

May 21, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 21
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ගාසා තීරයේ දරුවන් 14,000 ක් කුසගින්නේ මිය යාමට ආසන්නයි
World news

ගාසා තීරයේ දරුවන් 14,000 ක් කුසගින්නේ මිය යාමට ආසන්නයි

kumudikaBy kumudikaMay 21, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉදිරි පැය 48ක කාලය තුළ ප්‍රමාණවත් සහනාධාර නොලැබුණහොත් ගාසා තීරයේ දරුවන් 14,000ක් පමණ කුසගින්නේ මියයනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සහනාධාර ඒජන්සියේ ප්‍රධානි ටොම් ෆ්ලෙචර් විසින් සිදු කරනු ලැබු අනතුරු ඇඟවීමෙන් පසු ට්‍රක් රථ සියයකට අවසර ලබාදීමට ඊශ්‍රායලය එකඟ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල හමුදාව විසින් සති 11ක කාලයක් පුරා ගාසා තීරයට සහනාධාර ට්‍රක් රථ ඇතුළුවීම අවහිර කළ අතර, එම තහනම පෙරේදා නිමාවට පත්වීමෙන් පසුවද අවසර ලැබී ඇත්තේ ට්‍රක් රථ 5කට පමණක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ. එක්සත් ජාතීන්ගේ සහනාධාර ඒජන්සියේ ප්‍රධානියා අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ ඉන් පසුව බවද වාර්තා වේ.

පෙරේදා රාත්‍රියේදිද ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට අඛණ්ඩව ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බවත්, එම ප්‍රහාරවලින් පලස්තීනුවන් 38 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඊශ්‍රායලයෙන් පැහැරගත් දැනට රඳවා තබා සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරිමට හමාස් සංවිධානය පියවර ගන්නේ නම් ගාසා යුද්ධය හෙට වුවද නිමාවට පත්විය හැකි බවට ඊශ්‍රායල අගමැතිවරයා ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වේ. හමාස් සංවිධානය විසින් පසුගිය 2023 වසරේ ඔක්තෝබරයේදී ඊශ්‍රායලයට කඩා වැදී පැහැරගත් ප්‍රාණ ඇපකරුවන්ගෙන් තවත් 58 දෙනකු නිදහස් කිරිමට ඉතිරිව සිටින බවත්, ජීවතුන් අතර සිටින්නේ ඉන් 23 දෙනකු පමණක් බවත් වාර්තා වේ.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදිනකට පාස්පෝට් 4000 ක් නිකුත් කිරීමට පියවර
Next Article ගාසා තීරයේ දරුවන් 14,000 ක් කුසගින්නේ මිය යාමට ආසන්නයි
kumudika

Related Posts

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ (DXB) මගී ගමන් මලු ලබා නිවසටම ලබා දීමට සූදානම්

May 21, 2025

එමීර් රාජ්‍යයේ ගිම්හානය නිල වශයෙන් ජුනි 21 වන දා ඇරඹෙයි

May 21, 2025

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමයට (SLPA-UAE) නව නිළධාරී මණ්ඩලයක් පත් වේ

May 21, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.