Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජනාධිපති සමාව සල්ලි වලට අරන් – සිරකරුවන් සුරැකීමේ සංවිධානය කියයි

June 10, 2025

රජයේ ආදායම් කැපී පෙනෙන ලෙස ඉහලට

June 10, 2025

පොසොන් පුන් පොහොය අදයි

June 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»I.M.F. ප්‍රතිසංස්කරණ අවසන් වන තෙක් මැතිවරණ පවත් වන්නේ නැහැ –  ජනපති කියයි
Sri Lankan news

I.M.F. ප්‍රතිසංස්කරණ අවසන් වන තෙක් මැතිවරණ පවත් වන්නේ නැහැ –  ජනපති කියයි

kumudikaBy kumudikaMarch 31, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාවක් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමති මණ්ඩලය හා මැතිවරණ කොමිසම දැනුම්වත් කර ඇත.

රට ආර්ථික වශයෙන්  ඉදිරියට යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉතා වැදගත් බැවින් ප්‍රමුඛතාවය දිය යුත්තේ එම වැඩසටහනට බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
අමාත්‍ය මණ්ඩලය සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් වෙන වෙනම හමුවූ අවස්ථා වලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කල බව සඳහන් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ජූලි මාසයේ අග වන තෙක් ක්‍රියාත්මක බැවින් ඊට පෙර කිසිදු මැතිවරණයක් නොපවැත්වෙනු ඇතැයි ද ජනාධිපතිවරයා කියා ඇත. 
ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාලය ව්‍යවස්ථානුකූලව එළඹෙන්නේ මූල්‍ය අරමුදලේ ක්‍රියාවලියට පසුව වන හෙයින් ජනපතිවරණය පැවැත්වීම I.M.F. වැඩසටහනට බාධාවක් නොවන බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා රජය ඒ අනුව මැතිවරණ සැලසුම් කර තිබෙන බව කීය.

ඒ අනුව මුලින්ම ජනාධිපතිවරණයට සුදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය මෙන්ම මැතිවරණ කොමිසමේ නිලධාරීන් දැනුම්වත් කොට ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleබැල්ටිමොර් පාලම ප්‍රතිසංස්කරණයට  ඩොලර් මිලියන 60  ක් වෙන් කරයි
Next Article බංග්ලාදේශ ශ්‍රී ලංකා තරඟයේදී සිංහයන් ඉදිරියෙන්
kumudika

Related Posts

ජනාධිපති සමාව සල්ලි වලට අරන් – සිරකරුවන් සුරැකීමේ සංවිධානය කියයි

June 10, 2025

රජයේ ආදායම් කැපී පෙනෙන ලෙස ඉහලට

June 10, 2025

පොසොන් පුන් පොහොය අදයි

June 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.