ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම් ලැබීම් ඉතිහාසයේ කැපීපෙනෙන ඉහළ යෑමක් වාර්තා කරමින් මේ වසරේ මුල් මාස හතරේදී රජයේ ආදායම් සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි විය. ඒ අනුව මේ වසරේ (2025) මුල් මාස 04 තුළ දී රජයේ ආදායම් සහ ප්‍රදානයන් හි වටිනාකම රුපියල් බිලියන 1,454.67 කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

වසර 2024 මුල් මාස තුළ වාර්තා වී තිබෙන රජයේ ආදායම් හා ප්‍රදාන වටිනාකම රු. බිලියන 1,218.07ක් ලෙසිනි.

ඊට සාපේක්ෂ මෙම වසරේ පළමු මාස 04 තුළ දී රු. බිලියන 1,454.67 ක් දක්වා රු. බිලියන 236.60 කින් රජයේ ආදායම් සහ ප්‍රදානයන් වැඩි වී තිබේ. එය පෙර වසරේ එම කාලයට සාපේක්ෂව 19.42%ක වර්ධනයක් බවද මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
මෙලෙස ආදායම් වැඩිවීමේදී රු. බිලියන 463.19ක බදු ආදායමක් 2025 අප්‍රේල් මාසය තුළ දී පමණක් වාර්තා වීම විශේෂත්වයකි. විශේෂයෙන් එම මාසය තුළ දී වාහන ආනයනය නැවත විවෘත කිරීම හේතුවෙන් මෙලෙස බදු ආදායමේ ඉහළ යාමක් වාර්තා වී ඇතැයි ද එම මහ බැංකුව කියයි.
මේ අතර 2025 පළමු මාස 04 අවසානයේ දී ප්‍රාථමික ගිණුමේ ශේෂය රු. බිලියන 532.73ක ධන අගයක් වාර්තා කරන අතර සමස්ත අය-වැය හිඟය රු. බිලියන 261.61ක් ලෙසින් සටහන්ව ඇත.