Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»මැද පෙරදිග රැකියා සඳහා යන ශ්‍රමිකයින්ට විධිමත් වෛද්‍ය සහතිකයක්
Sri Lankan news

මැද පෙරදිග රැකියා සඳහා යන ශ්‍රමිකයින්ට විධිමත් වෛද්‍ය සහතිකයක්

kumudikaBy kumudikaJune 5, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මැදපෙරදිග කලාපයේ රටවල රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත් කර යැවීමේදී ලබා ගන්නා වෛද්‍ය සහතිකවල තත්ත්වය වඩා විධිමත් කිරීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, පාරිභෝගික කටයුතු අධිකාරිය, ශ්‍රි ලංකා ප්‍රතීතන මණ්ඩලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාර්ශ්වයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් පියවර ගනු ලැබීය.

මැදපෙරදිග රටවලට ශ්‍රමිකයින් පිටත් කර යැවීමේදී ගන්නා වෛද්‍ය සහතිකවල ප්‍රමිතිය සහ ඒ සඳහා ශ්‍රමිකයින්ගෙන් අය කරන ගාස්තු සම්බන්ධයෙන් පැන නගින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳවද විශේෂ අවධානය යොමු කරමින් අමාත්‍යවරයා විසින් මෙම කමිටුව පත් කිරීමට පියවර ගෙන තිබේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී අදාළ පාර්ශව සමග පැවති සාකච්ඡාවක් අනුව මෙම පත් කිරීම සිදු කළ අතර නිශ්චිත සති දෙකක කාලයක් තුළ කමිටුව රැස් කර වාර්තාවක් ලබා ගන්නා ලෙස අමාත්‍යවරයා එහිදී උපදෙස් ලබාදුන්නේය.

එම වාර්තාව අනුව, අවශ්‍යතාවක් ඇතිවන්නේ නම් කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර අදාළ ඉදිරි පියවර ගැනීමට සහ විදේශගත ශ්‍රමිකයින්ගේ ඉදිරි යහපත සඳහා අවශ්‍ය පියවර ගන්නා බවටත් අමාත්‍යවරයා එහිදී සහතික වූ බව සඳහන් ය.

Featured Middle East Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයේ මීදුම් සහිත කාලගුණය සම්බන්ධ රතු අනතුරු ඇඟවීමක්
Next Article උතුර හා උතුරු මැදට තරුණ ගොවි ගම්මාන 5 ක්
kumudika

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.