Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Agriculture»උතුර හා උතුරු මැදට තරුණ ගොවි ගම්මාන 5 ක්
Agriculture

උතුර හා උතුරු මැදට තරුණ ගොවි ගම්මාන 5 ක්

kumudikaBy kumudikaJune 5, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ආඩියාගල, නෙල්ලිකුළම හා නල්ලමුදාව යන ගම්මාන තුන සහ මුලතිව් දිස්ත්‍රික්කයට අයත් පාලක්කුලි හා කළ්‍යානිපුර ගම්මාන ද්විත්වය තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන වශයෙන් සංවර්ධනය කිරීමට තෝරා ගත් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන 160ක් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ස්ථාපිත කිරීමට ගෙන ඇති වැඩපිළිවෙළ යටතේ මෙම තෝරා ගැනීම සිදු කර ඇත.

මෙම ගම්මාන පහ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන ලෙස සංවර්ධනය කිරීමේ පළමු අදියරෙහි කටයුතු ලබන සතියේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

මෙම වර්ෂයේ දී තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන වැඩ පිළිවෙළ සඳහා රුපියල් මිලියන 1600ක මුදලක් රජය විසින් ලබා දී තිබේ.

ඒ අනුව එක් ගමකට පළමු අදියර යටතේ යටතේ රුපියල් මිලියන 10ක මුදලක් වෙන් කර ඇත.
මීට අමතරව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අදාල ගම්මාන අවට ඇති සියලුම වැව්, අමුණු හා ඇළමාර්ග පද්ධති නවීකරණය කරනු ලබයි. මෙම කටයූතු සඳහා රුපියල් මිලියන 3000ක මුදලක් වැය කිරීමට නියමිතය.

තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ වගා ගම්මාන වැඩ පිළිවෙළ යටතේ 2023 වසරේ ගම්මාන 11ක් සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කළේය. මේ වනවිට සාර්ථකව සිදු කෙරෙමින් පවතින බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමැද පෙරදිග රැකියා සඳහා යන ශ්‍රමිකයින්ට විධිමත් වෛද්‍ය සහතිකයක්
Next Article සපුගස්කන්ද පිරිපහදුවේ හදිසි බිඳ වැටීමක්
kumudika

Related Posts

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.