සවි එසවීමේ ලෝක ශූරතාවලියෙන් ලංකාවේ රුවන් පෝල් රන් පදක්කම් දිනයි
සවි එසැවීමේ ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2ක් සහ රිදී පදක්කමක් හිමි කර ගැනීමට සවි එසැවීමේ ලෝක ශූර රුවන් පෝල් සමත් විය. මේ ජයග්‍රහණයත් සමඟ සවි එසැවීමේ ලෝක ශූරතාවලියට සහභාගි වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙසත්, එම ශූරතාවලියේදී රන් පදක්කම් දිනූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙසත් රුවන් පෝල් ඉතිහාසයට එක්විය.
ඔස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නුවර ඩාර්ලින් හාබර් ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පසුගියදා නිමාවට පත්වූ මේ ශූරතාවලියේදී ඔහු කිලෝග්‍රෑම් 120 බර පන්තියේ (Open Benches) විවෘත තරගයේදී සහ ප්රවීණයන්ගේ බර පන්තියේ තරගයේදී (Master Class bench Press) රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූ අතර, සමස්ත තරගාවලියේ එම බර පන්තියෙන් රිදී පදක්කමකට ද හිමිකම් කීවේය. සවි එසැවීමේ ලෝක ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ඔහුගේ බිරිය ඔස්ට්‍රේලියානු ජාතික ලීඩියා ද කාන්තා තරග අංශයේ කිලෝග්‍රෑම් 100 බර පන්තියේ විවෘත Bench Press සහ ප්රවීණයන්ගේ බර පන්තියේ තරගයෙන් (Master Class bench Press) රන් පදක්කම් දිනා ගැනීමට සමත්වීම විශේෂත්වයකි.
ඇයද සමස්ත තරගාවලියේ එම බර පන්තියේ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර, ජාත්‍යන්තර තරගාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමු විදෙස් කාන්තාවද වූවාය.
ලෝක සවි එසැවීමේ සම්මේලනය විසින් වාර්ෂිකව පවත්වනු ලබන සවි එසැවීමේ ලෝක ශූරතාවලියට මෙවර රටවල් 30කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වැදුණු අතර, ලෝක සවි එසැවීමේ ශ්‍රී ලංකා සංගමයේ නිර්මාතෘ සහ සභාපතිවරයා ද වන රුවන් පෝල් එම ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලැබුවේ පළමුවරටය. මීට පෙර පසුගිය වසරේ ඉතාලියේ පැවති සවි එසැවීමේ ලෝක ශූරතාවලියේදී පළමු වරට ඔස්ට්‍රේලියාව නියෝජනය කළ රුවන් පෝල් විවෘත කාණ්ඩයේ ලෝක ශූරයා ලෙසත්, ප්රවීණයන්ගේ කාණ්ඩයේ ලෝක ශූරයා ලෙසත් ඔස්ට්‍රේලියාවට රන් පදක්කම් දෙකක් අත්කරදීමට සමත් විය. ඒ අනුව සවි එසැවීමේ ලෝක ශූරතාවලියේ රටවල් දෙකක් නියෝජනය කරමින් විවෘත හා ප්රවීණයන්ගේ තරග ඉසව්වලින් රන් පදක්කම් දිනූ එකම ක්‍රීඩකයා ලෙසත් ඔහු ඉතිහාසයට එක්විය.