වායු දූෂණය හේතුවෙන් දිල්ලියේ සියලුම ප්‍රාථමික පාසල් වසා දමන බව බලධාරීන් නිවේදනය කර තිබේ.
මේ වන විට ඝන දුමාරයක් හේතුවෙන් නගරය ආවරණය වී ඇති නිසා නැවත දැනුම් දෙන තුරු සියළු පාසල් ඉගැන්වීම් මාර්ගගතව පමණක් සිදු කරන බව ඉන්දීය අගනුවර මහ ඇමති කියා සිටියි.
දිල්ලි සහ අවට නගරවල වායු දූෂණ මට්ටම මිනිසුන්ගේ සෞඛ්‍යයට අනතුරුදායක වී ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටින්නේ ආරක්ෂිත යැයි සැලකෙන වාතයේ ඇති සියුම් අංශු ද්‍රව්‍ය ප්‍රමාණය 50 ගුණයකට වඩා වැඩිවී තිබෙන බවය.
උෂ්ණත්වය පහත වැටීම, දුම, දූවිලි, අඩු සුළං වේගය, වාහන මගින් වායු විමෝචනය සහ බෝග පිදුරු පිළිස්සීම හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි සහ උතුරු ප්‍රාන්ත වාර්ෂිකව ශීත ඍතුවේ දී මෙම විෂ සහිත දුමාරයට මුහුණ දෙයි.