ප්‍රථම වරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකේය වෘත්තීයවේදීන් ගේ සංගමය විසින් සංවිධානය කල ක්‍රිකට් සැණකෙළිය පසුගියදා අජ්මාන් රෝයල් ක්‍රීඩාංගනයේදී අති උත්කර්ෂවත්ව පැවැත් විණි. මේ සඳහා දැඩි උනන්දුවකින් ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගම් නියෝජනය කරන ක්‍රීඩා කණ්ඩායම් රැසක් සහභාගී වී සිටියහ.
ඩුබායි ශ්‍රී ලංකා කොන්සල් ජනරල් කාර්යාලය, අබුඩාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ සහන සංවිධානය විසින් ක්‍රීඩා කණ්ඩායම් ඉදිරිපත් කිරීම මෙදින දැකිය හැකි වූ විශේෂත්වයකි. වරලත් ගණකාධිකාරින්ගේ (CASL) සහ ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සංගම් ආරාධිත සංගම් ලෙස තරඟාවලියට එකතු වූහ.
පිරිමි කණ්ඩායම් ශූරතාව SLQS QLIONS කණ්ඩායම දිනා ගැනීමට සමත් වූ අතර එහි අනු ශූරතාව හිමි වුනේ SLQS QPANTHERS කණ්ඩායමටය.
කාන්තා ක්‍රිකට් තරඟාවලියක් ද පැවැත් වූ අතර IQSSL PEARLS කණ්ඩායම එහි ශූරතාව දිනා ගත්හ. SLQS QBEES කණ්ඩායම අනු ශූරතාව දිනා ගැනීමට සමත් විය.
පළමු වරට SLPA-UAE ක්‍රිකට් සැණකෙළියට පිරිමි කණ්ඩායම් 20ක් සහ කාන්තා කණ්ඩායම් 8ක් ඇතුලත් වූ අතර සමස්ත කණ්ඩායම් 28ක් මීට සහභාගී විය.