ඉදිරියේ දී විවාහයට පත් වන සෑම යුවළකටම නව නිවාසයක් ලැබිය යුතු බව නිවාස නියෝජ්‍ය ඇමති ටී බී සරත් මහතා සඳහන් කරයි.
මාධ්‍ය සාකච්ඡාවක දී ඒ මහතා මේ බව පැවැසීය
නිවාස නොමැතිකම නිසා විවාහ කල් යාමට ඉඩ නොතබන බවත් හොඳම විවාහයක් සිදුවිය යුත්තේ වයස අවුරුදු 24-30 අතර කාලයේදී බවත් මෙහිදී ප්‍රකාශ කළේය.
මේ වයස් පරතරයක් තුළ විවාහයක් සිදුවන විට ඔවුනට නිවසක් ලබාදීම රජයේ වගකීමක් ලෙස සලකන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.