Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Al Ain Camel Racing Festival තරඟ 605 ක් සමඟ ඇරඹීමට සූදානම්

June 18, 2025

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»2024 ඩුබායි සත් සාමාජික ජාත්‍යන්තර විවෘත පිරිමි ශූරතාවය Sri Lions කණ්ඩායම දිනා ගනී
UAE Sri Lankan

2024 ඩුබායි සත් සාමාජික ජාත්‍යන්තර විවෘත පිරිමි ශූරතාවය Sri Lions කණ්ඩායම දිනා ගනී

kumudikaBy kumudikaDecember 5, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි රග්බි 7s ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙතෙක් වාර්තා නොකල විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර ගැනීමට sri Lions  රග්බි කණ්ඩායම සමත් වී තිබේ. ලොව දක්ෂතම රග්බි කණ්ඩායම් සහභාගී වූ ඩුබායි සත් සාමාජික පිරිමි විවෘත ශූරතාවලියේ ජයග්‍රහණය හිමි කර ගනිමින් ශ්‍රී ලංකා රග්බි ඉතිහාසයේ රන් අකුරින් නම සනිටුහන් කිරීමට Sri Lions කණ්ඩායම සමත් වූහ.

මෙහිදී දකුණු අප්‍රිකාව, ෆීජි, ඕස්ට්‍රේලියාව, ටොංගා ,කෙන්යාව සහ ඇමරිකාව වැනි රටවල මැදපෙල කණ්ඩායම් සමඟ Sri Lions ‍රග්බි කණ්ඩායම තරඟ වැදුනි.  The Seven’s ක්‍රීඩාංගනයේ දී පැවති මෙම තරඟාවලියෙන් ශ්‍රී ලංකාව නියෝජනය කල Sri Lions කණ්ඩායමට කුසලානය හිමි විය.

වසර 4 ක් පුරාවට Sri Lions කණ්ඩායම පිරිමි විවෘත ශූරතාවලියට තරඟ වැදුනු අතර ඉන් වසර දෙකක් අවසන් පූර්ව වටයට පැමිණීමට සමත් වූහ. පසු ගිය 2023 වසරේ මෙම තරඟාවලියෙන් පලඟ ශූරතාව දිනා ගැනීමට Sri Lions රග්බි කණ්ඩායම සමත් විය. 2019  වසරේ Gulf Men’s තරඟ ශූරතාව දිනා ගැනීමටද Sri Lions සමත් විණි.

ස්පාඤ්ඤය කණ්ඩායම (Speranzu) හමුවේ 12/26 ක් ලෙස Sri lions කණ්ඩායම පරාජයට පත් විය. Eaprit Sud Seven’s (ස්කොට්ලන්තය) – 21/ 5, God Father කණ්ඩායම (එංගලන්තය) 24/ 22 ක් සහ අර්ධ අවසන් පූර්ව තරඟයේදී  OG sevens (එංගලන්තය) කණ්ඩායමට එරෙහිව ලකුණු 31/14 හිමි කර ගනිමින් Sri Lions කණ්ඩායම ජය හිමි කර ගත්හ.


අවසන් පූර්ව තරඟයේදී Tropics කණ්ඩායම – (කැනඩාව) 28/19 ක් ලෙස පරාජය කරමින් අවසන් මහා තරඟයේදී ස්පාඤ්ඤය Speranza කණ්ඩායම 36/ 17 ලෙසින් පරාජය කිරීමට Sri Lions කණ්ඩායම සමත් වූහ.

ජයග්‍රහණය කල Sri Lions කණ්ඩායම (ශ්‍රී ලංකා)

දිනුක් අමරසිංහ (නායක), simone Fisi U mola ( ටොංගා), ,Charles Philip Taylor (ඕස්ට්‍රේලියාව) , Ratu Manueli, Mope Raiba, Vaviano Sasituka Tira Patterson (ෆිජී ) Van Schalkwya Jean, Johamen Var Der merwe (දකුණු අප්‍රිකා) , තීක්ශණ එශාන්, රවීන් ෆර්නැන්ඩු, මොහොමඩ් නිස්‍රාන්, දුලාජ් නවෝද්‍ය, (ශ්‍රී ලංකා ) , තුසිත නුවන් ( භෞත චිකිත්සක) , ප්‍රධාන පුහුණුකරු Epali Devatawlu (ෆිජී)

Asia Dubai Featured UAE World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleනව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඡන්දයකින් තොරව සම්මතයි
Next Article සප්ත කන්‍යා ගුවන් අනතුරට වසර 50 යි
kumudika

Related Posts

Al Ain Camel Racing Festival තරඟ 605 ක් සමඟ ඇරඹීමට සූදානම්

June 18, 2025

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.