Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බූලි සහ බැරල් වලට ඉන්ධන ලබා දීම තෙල් සංස්ථාව අත්හිටුවයි

June 18, 2025

ඉරාන නායකයාට කොන්දේසි විරහිතව යටත් වන ලෙස ට්‍රම්ප් කියයි

June 18, 2025

ශ්‍රි ලංකාවේ ප්‍රංශ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් අත්සන් කෙරේ

June 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»සප්ත කන්‍යා ගුවන් අනතුරට වසර 50 යි
Sri Lankan news

සප්ත කන්‍යා ගුවන් අනතුරට වසර 50 යි

kumudikaBy kumudikaDecember 5, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙරට ඉතිහාසයේ සිදු වු බිහිසුණුම ගුවන් අනතුර සිදුව ඊයේ (04) දිනට වසර පනහක් සපිරේ.

ඒ, නිමිත්තෙන් එම අනතුර සිදු වු සප්ත කන්‍යා පාමුල අනතුරෙන් ජිවිතක්ෂයට පත් අයගේ සිරුරු මිහිදන් කර ඇති ස්ථානය අසළ ඉදි කර ඇති ස්මාරකය අසළ මිය ගිය අයට පිං අනුමෝදම් කිරිමේ වැඩසටහනක් ඊයේ (04) දින පස්වරුවේ සිදු කෙරුණි.

නෝටන්බ්‍රිජ් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කපිල විජේසුරිය මහතා, නෝටන්බ්‍රිජ් පොලිසියේ නිලධාරින් සහ මුරුත්තැන්න වත්තේ වතු කම්කරුවන් එක්ව මෙම පිංකම සිදු කරනු ලැබීය.

ස්මාරකය අසළට නෝටන්බ්‍රිජ් ජම්බුගස්තැන්න ශ්‍රි නිශ්ශංකමල්ලව විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය උඩගම සීලරතන හිමියන් වඩම්මවා ආගමික වතාවන් සිදු කර මිය ගිය අයට පැන් වඩා පිං අනුමෝදම් කිරීමක් සිදු කළහ.

ස්මාරකය අසළ පොල්තෙල් පහන් දල්වා මියගිය අය සිහි කර විනාඩියක නිශ්ශබ්දතාවයක නියැලීමෙන් අනතුරුව එම ස්ථානයට වැඩම කළ සංඝ රත්නයට පිරිකරක් ද පුජා කරනු ලැබුවේය.

මාර්ටින් එයාර් ගුවන් සමාගමට අයත් ඩී.සි 08 ගුවන් යානය 1974 වසරේ දෙසැම්බර් 04 දින ඉන්දුනීසියාවේ සුරවේයාර් ගුවන්තොටුපලේ සිට මක්කම දක්වා පියාසර කරමින් තිබියදි එදින රාත්‍රි 10.10 ට ගුවන් යානය නෝටන්බ්‍රිජ් සප්ත කන්‍යා කදු මුදුණේ ගැටි එහි ගමන් ගත් මගින් 182 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 09 දෙනෙකු ජිවිතක්ෂයට පත් වූහ.

මෙම අනතුරෙන් මිය ගිය 191 දෙනෙකුගෙන් ඩි.සි 08 ගුවන් යානයේ ගුවන් සේවිකාවකගේ මල සිරුර ඇයගේ පෙම්වතා විසින් හෙලිකොප්ටරයකින් ඉන්දුනිසියාව වෙත රැගෙන ගොස් මිහිදන් කර ඇති බවද සඳහන් වේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2024 ඩුබායි සත් සාමාජික ජාත්‍යන්තර විවෘත පිරිමි ශූරතාවය Sri Lions කණ්ඩායම දිනා ගනී
Next Article ඔක්තෝබරයේ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම 24.8% කින් ඉහලට
kumudika

Related Posts

බූලි සහ බැරල් වලට ඉන්ධන ලබා දීම තෙල් සංස්ථාව අත්හිටුවයි

June 18, 2025

ඉරාන නායකයාට කොන්දේසි විරහිතව යටත් වන ලෙස ට්‍රම්ප් කියයි

June 18, 2025

ශ්‍රි ලංකාවේ ප්‍රංශ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් අත්සන් කෙරේ

June 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.