Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ප්‍රංශ ආණ්ඩුව බිඳ වැටේ
World news

ප්‍රංශ ආණ්ඩුව බිඳ වැටේ

kumudikaBy kumudikaDecember 6, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විශේෂ බලතල භාවිත කරමින් ඡන්ද විමසීමකින් තොරව අයවැය සම්මත කර ගැනීමට උත්සාහ කළ ප්‍රංශ අගමැති මිචෙල් බාර්නියර් විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාවකින් බලයෙන් පහකිරීමත් සමඟ ප්‍රංශ රජය බිඳ වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

1958 වසරෙන් පසු විශ්වාසභංග යෝජනාවකින් බලයෙන් නෙරපා හැරුණු පළමු අගමැතිවරයා ද ඔහු වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ජනාධිපති එමැනුවෙල් මැක්‍රෝන් විසින් පසුගිය සැප්තැම්බරයේදී අගමැතිධුරයට පත් කරනු ලැබූ 73 හැවිරිදි මිචෙල් බාර්නියර් එරට වයස්ගතම අගමැතිවරයා ද වන අතර, වසර 62කට පසුව විශ්වාසභංග යෝජනාවකින් ප්‍රංශයේ රජයක් බිඳ වැටුණු පළමු අවස්ථාව ලෙසත් එය ඉතිහාසයට එක්වූ බව සඳහන් ය. මිචෙල් බාර්නියර්ගේ ධුර කාලය දින 90කට සීමාවූ අතර, ප්‍රංශයේ අඩුම කාලයක් අගමැතිධුරය දැරූ පුද්ගලයා ලෙසත් මිචෙල් ඉතිහාසයට එක්වූ බව වාර්තා වේ.

පසුගිය මහමැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර ආසන සංඛ්‍යාවක් නොලැබීම හේතුවෙන් එරට උද්ගත වූ දේශපාලන අස්ථාවරභාවය රජය බිඳ වැටීමත් සමඟ තවත් ඉහළ ගොස් තිබේ. විශ්වාසභංග යෝජනාව සම්මත වීමට ඡන්ද 288ක් අවශ්‍ය වූවද, ඒ සඳහා ඡන්ද 331ක්ම ලැබී තිබූ බව වාර්තා වේ. කෙසේ වුවද ජනාධිපතිවරයා නව අගමැතිවරයකු නම් කරන තුරු මිචෙල් බාර්නියර් අන්තර්වාර අගමැති ලෙස කටයුතු කරනු ඇතැයි ද වාර්තා වේ. ජනාධිපතිවරයා ඊයේ ජාතිය ඇමැතීමට නියමිතව සිටි බව ද වාර්තා වේ.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් අදියරේ
Next Article කෝපා සභාපතිකම විපක්ෂ මන්ත්‍රීවරයෙකුට
kumudika

Related Posts

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.