Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් අදියරේ
Sri Lankan news

ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් අදියරේ

kumudikaBy kumudikaDecember 6, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ අවසන් අදියරට ළඟා වෙමින් සිටින අතර එය දෙසැම්බර් 31 වන විට අවසන් කිරීමට උත්සාහ කරන බව ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) පැවසීය.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ප්‍රමාද වීමෙන් පමණක් අමතර හිඟ පොලිය වශයෙන් ඩොලර් බිලියන 1.7ක් ගෙවීමට සිදු වන බව ද ඇමැතිවරයා පැවසුවේය.

අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය පිළිබඳ විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ඇමැතිවරයා මෙසේ ද පැවසුවේය.

විසර්ජන කෙටුම්පතක් සම්මත නොවන තත්ත්වයකදී ඊළඟ මුදල් වර්ෂයේ පළමු මාස 4 සඳහා රාජ්‍ය සේවාවන් හා පවත්වාගෙන පැමිණි සංවර්ධන කටයුතු සඳහා මුදල් වෙන් කිරීම අතුරු සම්මත ගිණුම මඟින් වෙන් කරනවා. 2025 වසරේදී සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නංවන්නේ කුමන ආකාරයකින් ද යන කාරණාව 2025 වසරේ විසර්ජන පනත් කෙටුම්පතට ඇතුළත් කරනවා. අතුරු සම්මත ගිණුමෙන් අපි ඉදිරිපත් කරන වියදම් පිළිබඳ කාරණා 2025 විසර්ජන පනත් කෙටුම්පතට සම්බන්ධ කර ඉදිරිපත් කරනවා. ඒ අනුව ඉදිරිපත් කර තිබෙන අතුරු සම්මත ගිණුමෙන් පළමු මාස 4 සඳහා පුනරාවර්තන වියදම් පොලී හැර රුපියල් බිලියන 1000කුත් ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 425කුත් ණය ප්‍රතිව්‍යුහගතකරණයට අමතරව දේශීය අනෙකුත් ණය සේවා රුපියල් බිලියන 1175කුත් අවශ්‍ය වෙනවා. ඒ අනුව මුළු ඇස්තමේන්තුව රුපියල් බිලියන 2600ක්. ඒ අනුව ආණ්ඩුවේ ආදායම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 1600යි.

ජාතික ජන බලවේගයට ලැබුණු ජනවරම අනුව රට ගොඩ යන කාරණා ගැන ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ඉදිරිපත් කර තිබෙනවා.

රට තුළ ඩිජිටල්කරණය ඉහළ තත්ත්වයක් කරා නැංවිය යුතුයි. වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ වැටුප් වැඩි කළත් ඔවුන්ගේ එදිනෙදා ජීවිතය නිසි ලෙස ගත කළ නොහැකියි. රට තුළ සාමය ස්ථාපිත කිරීමත් ආර්ථික ක්‍රියාවලියට දායක වෙනවා. ආර්ථික ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම සඳහා ආයෝජන කැඳවිය යුතුයි. ඍජු ආයෝජන වැදගත්. ව්‍යාපාරිකයන්ට සැකයකින් තොරව ව්‍යාපාර කිරීම සඳහා පසුබිම විවෘත කළ යුතුයි. පොලී අනුපාතයේ ස්ථාවර වීමක් සිදුව තිබෙනවා. 2024 වසරේ ආර්ථික වර්ධනය වූයේ සියයට 2.2යි. ජනාධිපතිවරණයෙන් පසුව අපි ක්‍රමිකව ආර්ථික වර්ධනයක් කරා යමින් සිටිනවා.

ආර්ථිකය අතින් ලෝකය තුළ සිදු කරන ශ්‍රේණිගත කිරීම්වලදී ඉදිරි වර්ෂ තුළදී ඉදිරියට රට ගෙන යා හැකියි කියා මා විශ්වාස කරනවා. ජාතික ජන බලවේගය කටයුතු කරනුයේ සමූහයක් විදිහට. ඒ සඳහා මූලික අඩිතාලම අපි දාලා අවසන්. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තේමාව යටතේ රට දියුණු වන ආකාරය 2025 අය-වැයෙන් ජනතාවට තේරුම් ගත හැකියි. රටක් ගොඩ යන විට ජාත්‍යන්තර සංවිධානවල සහාය ලැබෙනවා. එය දැනට අපේ රටට සිදුවෙමින් තිබෙනවා. විපක්ෂයේ අයටත් අපි යෝජනා කරන්නේ එකට එක්ව ඉදිරියට යමු කියලා. ලෝකය තාක්ෂණය මඟින් බොහෝ ඉදිරියට ගොස් තිබෙනවා. ඒ තත්ත්වයට අපේ රටත් තාක්ෂණය අතින් ඉදිරියට යා යුතුයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකා රේගුව ආදායම් ඉලක්කයෙන් 90% ක් සපුරයි
Next Article ප්‍රංශ ආණ්ඩුව බිඳ වැටේ
kumudika

Related Posts

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.