කිසිදු ප්‍රමාදයකින් තොරව විදෙස් ගත වීමට බලාපොරොත්තු වන පිරිසට ගමන් බලපත්‍ර ලබා දීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු කරන බව වාර්තා වේ.
ඒ අනුව පසුගිය සමයේ ඇති වූ හදිසි ගමන් සඳහා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමෙ ගැටලුව ඉතා සාර්ථකව දෙපාර්තමේන්තුව විසින් මේ වන විට විසඳා ඇතැයි සඳහන්ය.
ඒ සදහා විශේෂ කමිටුවක් පත් කර ඇති අතර නියෝජ්‍ය පාලකවරයෙක් හරහා විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාදයකින් තොරව ලබා ගත හැකියි.
රැකියා , සෞඛ්‍ය , වන්දනා හා ක්‍රීඩා ඇතුළු වඩාත් සංවේදී අවශ්‍යතා සඳහා යොමුකර ඇති අයදුම්පත් සඳහා වැඩි අවධානයක් දෙපාර්තමේන්තුව විසින් යොමු කර තිබේ. පත් කර ඇති විශේෂ කමිටුව හරහා ප්‍රමාදයකින් තොරව මෙම කටයුත්ත සිදු වනු ඇත.
ඔන්ලයින් ක්‍රමයට දින වෙන් කිරීමද මේ වන විට සාර්ථකව සිදු වන අතර දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීමෙන් පසු ජනතාවට ප්‍රමාදයකින් තොරව එක් දින සේවාව හෝ සාමාන්‍යය ක්‍රමවේදය හරහා ගමන් බලපත්‍ර ලබා ගත හැකිය. උදෑසන හයේ සිට රාත්‍රි දහය දක්වා නියෝජ්‍ය පාලකවරයෙක් ඇතුළු කාර්ය මණ්ඩලය මෙම කටයුතු සිදු කරන බව වැඩිදුරටත් සඳහන් වේ.