ඩුබායි හි කිලෝමීටර් 3,300ක පදික මාර්ග නිර්මාණය කිරීමට ‘Dubai Walk’ ව්‍යාපෘතිය පිළිබඳ නිවේදනය කර තිබේ.
‘Dubai Walk’ ව්‍යාපෘතිය දියත් කිරීමත් සමඟ නගරය පදිකයින්ට හිතකාමී පරිසරයක් බවට පත් කිරීම අරමුණු කරනු ඇත. එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අගමැති සහ ඩුබායි හි පාලක ගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තුම් මහතා විසින් දෙසැම්බර් 7 වන සෙනසුරාදා මෙම ව්‍යාපෘතිය ප්‍රකාශයට පත් කලේය. මෙම වැඩසටහන හරහා කිලෝමීටර් 3,300 ක් පුරා විහිදෙන ඒකාබද්ධ ඇවිදීමේ ජාලයක් ගොඩනැගීම අරමුණයි.
මෙම ව්‍යාපෘතිය සුවිශේෂී ස්ථාන දෙකකින් ආරම්භ වන අතර ඒවා වන්නේ ෆියුචර් මියුසියම් සහ අල් රාස් ස්ථානයි. මාර්ග වලට අමතරව, පදික පාලම් සහ උමං මාර්ග 110 ක්, ජල මාර්ග කිලෝමීටර් 112 ක්, හරිත ඇවිදීමේ මාර්ග කිලෝමීටර් 124 ක් සහ ග්‍රාමීය හා කඳුකර මාර්ග කිලෝමීටර් 150 ක් මේ යටතේ ඉදිකරන බව සඳහන් වේ.
ව්‍යාපෘතිය ඩුබායි හි 2040 නාගරික ප්‍රධාන සැලැස්ම සහ එහි 20 Minute නගර සංකල්පය සමඟ එක්ව ක්‍රියාත්මකය.