Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ලංකාවෙන් දකුණු කොරියාවට මත්ස්‍ය අපනයනය සම්බන්ධ රැකියා පුළුල් කිරීමට සාකච්ඡා

May 10, 2025

නව පළාත් ආයතන වල නිල කාලය ජූනි 2 දා සිට ඇරඹෙයි

May 10, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරිය ස්ථාන 89ක ප්‍රධාන මාර්ග සලකුණු අලුත් කිරීම දියත් කරයි

May 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 11
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»වසර 37 කට පසු ආසියානු බොක්සිං පදක්කමක් ශ්‍රී ලංකාවට
Sports

වසර 37 කට පසු ආසියානු බොක්සිං පදක්කමක් ශ්‍රී ලංකාවට

kumudikaBy kumudikaDecember 9, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

වසර 37කට පසු ආසියානු බොක්සිං වළල්ලේ පදක්කමක් දිනා ගත් පළමු ක්‍රීඩකයා ලෙස උමයංග මිහිරාන් වාර්තා පොත අලුත් කිරීමට සමත් විය.

තායිලන්තයේ පැවති ආසියානු බොක්සිං සම්මේලනයේ එලයිට් බොක්සිං ශුරතාවලියේ කිලෝග්‍රෑම් 51ක බර පන්තිය නියෝජනය කළ මේ 21 හැවිරිදි ක්‍රීඩකයා ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් එසේ අලුත් කරනු ලැබුවේ 1987 වසරේ කුවේට් රාජ්‍යයේදී පී.එල්.ජේ. රත්නායක කිලෝග්‍රෑම් 54 බර පන්තියෙන් අත්කර ගත් ලෝකඩ පදක්කමේ වාර්තාවය.

උස්බෙකිස්තානයේ අසිල්බෙක් ජලිලොව්ට එරෙහිව රිදී පදක්කමේ බලාපොරොත්තුවෙන් කිලෝග්‍රෑම් 51 බර පන්තියේ අවසන් පූර්ව තරගයට ඊයේ තරග කළ මිහිරංග එහිදී පරාජයට පත්වුවද ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමෙනි.

මාතර, තෙලිජ්ජවිල ප්‍රදේශයෙන් ජාතික බොක්සිං වළල්ලට පැමිණි උමයංග මිහිරාන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවකු වන අතර, වසර 2028 ඔලිම්පික් උලෙළේ ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුව වන ඔහු ශ්‍රී ලංකා පොලිස් බොක්සිං සමාජය නියෝජනය කරයි. රටවල් 21ක තරගකරුවන් සහභාගි වූ ආසියානු එලයිට් බොක්සිං තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 13 දෙනකු සහභාගි වූහ.

Asia Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවට වඩාත් සුදුසු හයිබ්‍රිඩ් වාහන බව ආනයනකරුවන් කියති
Next Article කොළඹ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයට රාජ්‍යය තාන්ත්‍රිකයන්ගේ විලාසිතා දැක්මක්
kumudika

Related Posts

ලංකාවෙන් දකුණු කොරියාවට මත්ස්‍ය අපනයනය සම්බන්ධ රැකියා පුළුල් කිරීමට සාකච්ඡා

May 10, 2025

නව පළාත් ආයතන වල නිල කාලය ජූනි 2 දා සිට ඇරඹෙයි

May 10, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරිය ස්ථාන 89ක ප්‍රධාන මාර්ග සලකුණු අලුත් කිරීම දියත් කරයි

May 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.