ඩුබායි සාප්පු සැණකෙළියේ 30 වැනි සංවත්සර සැමරුම්වල කොටසක් ලෙස ඩුබායි හි Sky Line මඟින් විද්‍යුත් සංදර්ශනයක් පැවැත්වීමට සූදානම් වේ. දෙසැම්බර් 13 වැනි සිකුරාදා දින ඩුබායි හිදී මෙම දර්ශනීය ඩ්‍රෝන් සහ ස්කයි ඩයිවිං සංදර්ශනය පැවැත් වේ.
පයිරෝ ඩ්‍රෝන යානා 150ක් සහ අධි ශක්ති Sky Divig ප්‍රයෝග ඒකාබද්ධ කරන මෙම සංදර්ශනය Blue waters Island සහ The beach , JBR හිදී උත්සවාකාරයෙන් රාත්‍රී 8:00 ට ආරම්භ වේ.

ඩුබායි හි Drone සහ Sky Diving සංදර්ශනයේ දෙවන අදියර රාත්‍රී 10:00 ට පැවැත් වේ.
ඩුබායි සාප්පු සැණකෙළිය 2025 ජනවාරි 12 දක්වා දිවෙන අතර මෙම සැණකෙළියට රාත්‍රී ඩ්‍රෝන් සංදර්ශන, සාප්පු සවාරි සහ තවත් බොහෝ දේ ඇතුළත් වේ. ජනවාරි 11 වන දින අවසන් සති අන්තයේ තවත් විශ්මයජනක පයිරෝ-ඩ්‍රෝන් ප්‍රසංගයක් ගෙන එනු ඇත.