Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමිරේට්ස් ක්‍රීඩා පිටිය සැප්තැම්බර් විවෘත කෙරේ

May 15, 2025

DP World ILT20 4 වන වාරය UAE ජාතික දිනයේදී ආරම්භ වීමට නියමිතයි

May 15, 2025

අල් මක්තුම් ගුවන් තොටුපළේ පුළුල් කිරීම අවසන් වන විට ඩුබායි ගුවන්තොටුපළ වසා දැමීමට සැලසුම්

May 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»දියුණු ශ්‍රී ලංකාවක් ගොඩ නැඟීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ලක් රජයට පූර්ණ සහය
UAE Sri Lankan

දියුණු ශ්‍රී ලංකාවක් ගොඩ නැඟීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ලක් රජයට පූර්ණ සහය

kumudikaBy kumudikaDecember 12, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය දැක්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය එකඟතාව පළ කර ඇත.

ශ්‍රී ලංකාව තුළ සිදු කරන ආයෝජන ප්‍රමාණය ඉහළ නැංවීමට මෙන්ම ඩිජිටල්කරණය හා නවීන තාක්ෂණය හඳුන්වා දීමට අදාලව තාක්ෂණික දැනුම ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි (Khaled Nasser AlAmeri) මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි මහතා අතර ජනාධිපති කාර්යාලයේදී අද (12) පැවති හමුවේ දී ඔහු මේ බව කියා සිටියේය.

එමීර් රාජ්‍යයේ දැනට ශ්‍රී ලාංකිකයන් 150,000ක් පමණ රැකියාවන්හි නිරත වන අතර එම ප්‍රමාණය වැඩි කිරීමට ඇති අවස්ථාවන් පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

ශ්‍රී ලංකාවේ හයවන විශාලතම අපනයන වෙළෙඳපොළ එමීර් රාජ්‍යය වන අතර එම අපනයන අවස්ථාවන් පුළුල් කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

දෙරට අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඕනෑම සහායක් ලබාදීමට කටයුතු කරන බවට ද තනාපතිවරයා මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ සහතික වී ඇත. ඉදිරියේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයකට එක්වන ලෙසද ඛලීඩ් නසර් අල් අමේරි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ආරාධනා කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයේ පූර්ණ බලැති මිනිස්ටර් ධුරය හොබවන අහමඩ් එම්.ඒ.ඒ. අල් ෂෙහි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleහෙට ඩුබායි හි දී නොමිලේ Drone සහ Sky diving සංදර්ශනයක්
Next Article ලොව විදේශ සංචිත වැඩිම රට චීනය
kumudika

Related Posts

එමිරේට්ස් ක්‍රීඩා පිටිය සැප්තැම්බර් විවෘත කෙරේ

May 15, 2025

DP World ILT20 4 වන වාරය UAE ජාතික දිනයේදී ආරම්භ වීමට නියමිතයි

May 15, 2025

අල් මක්තුම් ගුවන් තොටුපළේ පුළුල් කිරීම අවසන් වන විට ඩුබායි ගුවන්තොටුපළ වසා දැමීමට සැලසුම්

May 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.