Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

සම්බුදු තෙමඟුල සිහි කරන වෙසක් පුන් පොහොය අදයි

May 12, 2025

පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ප්‍රධානීන්ට වෙන් කරන තෙල් කෝටාව අඩු කරමින් විශේෂ චක්‍රලේඛයක්

May 12, 2025

නවක වද හේතුවෙන් රජයේ විශ්ව විද්‍යාල ඉල්ලුම පහලට – පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ඉහල ඉල්ලුමක්

May 12, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 12
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»Clean Sri Lanka ව්‍යාපෘතියට සංගා, මහේලගේ සහයත්
Sri Lankan news

Clean Sri Lanka ව්‍යාපෘතියට සංගා, මහේලගේ සහයත්

kumudikaBy kumudikaJanuary 2, 2025Updated:January 2, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නව රජයේ ”ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ඊයේ (1) උදෑසන 8.30 ට, ජනාධිපති කාර්යාලයේ එළිදැක්වීමේ සිදු කෙරිණි.

එයට සහාය දැක්වීම සඳහා ශ්‍රි ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයින් තිදෙනෙක් වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ සිදත් වෙත්තමුණි යන මහත්වරුන් සහභාගී වූහ.

එහිදී අදහස් දක්වමින් මහේල ජයවර්ධන සඳහන් කළේ මෙය ඉතා වැදගත් බවත් පුරවැසියන් ලෙස මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට ලොකු වගකීමක් ඇති බවත් එයට සෑම දෙනාගේම සහයෝගය පතන බවත් ය.

එසේම විවිධ පාර්ශ්වයන් විසින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean SriLanka) වැඩසටහන සරල ව අර්ථකථන කළ ද එහි ඇතුළත ගැඹුරු සංකල්පයක් සහ යාන්ත්‍රණයක් පවතින බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පැවසුවේය.

මෙම වැඩසටහන කාලීන වූ ද, රටට අත්‍යවශ්‍යයෙන් ම සිදුවීමට වුවමනාවක් පවතින ක්‍රියාවලියක් බවද නව වසර ඇරඹුම සිදු වන පළමු දිනයේ දී ම මෙවැනි සුබදායික කටයුත්තක් රටක් ලෙස ඇරඹීම ගැන තමන් සතුටු වන බව ද ඔහු සඳහන් කළේය.

වැඩසටහන හා එක්වෙමින් සිදත් වෙත්තමුණි පෙන්වා දුන්නේ මෙම ව්‍යාපෘතිය ඉතාමත් සාර්ථක ව්‍යාපෘතියක් වනු ඇති බවය.
”ක්ලීන් ශ්‍රී ලංකා” ජනාධිපති කාර්ය සාධක බළකාය, ජනාධිපති කාර්යාලය හා එක්ව වැඩසටහන සම්පාදනය කර තිබේ.

මෙමගින් ආදර්ශය ලබා දීම, පෙළඹවීම, යොමු කිරීම සහ වෙනස්වීමේ අවශ්‍යතාව ශක්තිමත්ව තහවුරු කිරීම තුළින් සමාජයක චර්යාමය වෙනස්කම් සිදු කිරීමේ ශක්තිමත් ප්‍රවේශයක් ලබා ගත හැකියි.

Colombo Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදේශීය පොල් තෙල් නිෂ්පාදකයින් අනතුරේ
Next Article ශ්‍රී ලංකාවේ උද්ධමනය පිට පිටම ඍණ අගයක් වාර්තා කරයි
kumudika

Related Posts

සම්බුදු තෙමඟුල සිහි කරන වෙසක් පුන් පොහොය අදයි

May 12, 2025

පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ප්‍රධානීන්ට වෙන් කරන තෙල් කෝටාව අඩු කරමින් විශේෂ චක්‍රලේඛයක්

May 12, 2025

නවක වද හේතුවෙන් රජයේ විශ්ව විද්‍යාල ඉල්ලුම පහලට – පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ඉහල ඉල්ලුමක්

May 12, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.