ගතවූ පැය 24 තුළ බහාලුම් නිෂ්කාශනය පිළිබඳ වාර්තාවක් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව ඊයේ (18) පෙරවරු 6.30න් අවසන් වූ ගතවූ පැය 24 තුළ ප්‍රධාන පර්යන්තයෙන් මුදාහළ බහාලුම් ප්‍රමාණය 2293ක් බවත් එහි සඳහන් වේ.
ශ්‍රී ලංකා රේගුව මගින් නිෂ්කාශනය කර වරායේ ගේට්ටු තුළින් මුදාහළ බහාලුම් ප්‍රමාණය 2074ක් බවත් එහි දැක්වේ. අමාත්‍යංශය පැවසුවේ ඒ අනුව ගතවූ පැය 24 ඇතුළත වරාය තුළ සිරව තිබූ බහාලුම් ප්‍රමාණයෙන් යම් ප්‍රමාණයක් මුදා හැරීමට වරාය, රේගුව ඇතුළ අංශ කටයුතු කළ බවයි.
කෙසේ නමුත් රාජ්‍ය අධිකාරියේ කළමනාකාර අධක්ෂකවරයා පවසන්නේ, පර්යන්තවලින් පිටවූ ප්‍රමාණයට සාපේක්ෂව ගේට්ටුවලින් පිටවී ඇති ප්‍රමාණය අඩු බැවින් බහාලුම් තදබදය අඩු වී නැති බවය.
පසුගිය දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩ්තුවක්කු මහතා සමඟ වරාය හා රේගු නිලධාරීන් ඇතුළු බහාලුම් නිෂ්කාශනයට සම්බන්ධ සියලු පාර්ශව අතර ඇති වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පැය 24 ක සේවාවක් පවත්වාගෙන යමින් මෙම බහාලුම් තදබදය හැකි ඉක්මනින් අවසන් කරන්නට තීරණය විය.