Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»විදෙස් තානාපතිවරුන්ට අපනයන ආදායම් ඉලක්ක ලබා දෙයි
Sri Lankan news

විදෙස් තානාපතිවරුන්ට අපනයන ආදායම් ඉලක්ක ලබා දෙයි

adminBy adminApril 20, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඇමෙරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග අපනයන ආර්ථිකයට එල්ල විය හැකි අවදානම අවම කිරීම වෙනුවෙන් විදෙස් රටවල ලංකාවේ සියලුම තානාපතිවරුන්ට හා මහ කොමසාරිස්වරුන්ට 2025 වසරට අදාළව ඒ ඒ රටවලින් ලැබෙන අපනයන ආදායම් ඉහළ නංවා ගැනීම සඳහා ඉලක්ක ලබා දී ඇත.

සියලුම තානාපතිවරුන්ගේ හා මහ කොමසාරිස්වරුන්ගේ කාර්යසාධනය මාස තුනකට වරක් අපනයන සංවර්ධන අමාත්‍ය සභාව (EDCM) වෙත වාර්තා කිරීමටත් මේ කටයුතු විදේශ කටයුතු අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණයෙන් කිරීමටත් තීරණය කර ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පැවසීය.

වෙනත් රටවල් සමග එළැඹිය හැකි තීරු බදු ගිවිසුම් සම්බන්ධයෙන් රජයට යෝජනා කරන ලෙසත් ඒ ඒ රටවල වෙළෙඳපොළවල් වෙත ලංකාවෙන් යැවිය හැකි නිෂ්පාදන හා ඒවායෙහි විභවතා පිළිබඳ වාර්තා කරන ලෙසත් අපනයන සංවර්ධන අමාත්‍ය සභා රැස්වීමේදී තානාපතිවරුන්ට හා මහ කොමසාරිස්වරුන්ට දැනුම් දුන් බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. වෙළෙඳ ප්‍රදර්ශන, දූත මණ්ඩල සාකච්ඡා සහ ආයෝජන සාකච්ඡා ආදිය මේ වෙනුවෙන් සංවිධානය කිරීමට අපේක්ෂිත බවත් ඔහු සඳහන් කළේ ය.

වසර 2025 දී ඩොලර් බිලියන 19 ක අපනයන ආදායමක් ද 2030 වෙනවිට ඩොලර් බිලියන 36 ක අපනයන ආදායමක් ද ළඟා කර ගැනීමට අපේක්ෂිත බැවින් එම ඉලක්ක ජය ගැනීම වෙනුවෙන් මෙලෙස තානාපති අංශ යොදා ගැනීමට තීරණය කර ඇතැයි කී සභාපතිවරයා ඒ වෙනුවෙන් වසර 28 කට පසුව අපනයන සංවර්ධන අමාත්‍ය සභාව පිහිටුවූ බවත් එයින් අපනයන ආදායම් සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගත හැකි බවත් පෙන්වා දුන්නේ ය. 

ශ්‍රී ලංකාව ගෝලීය සැපයුම් ජාලයේ පාර්ශ්වකරුවෙකු කිරීමට කටයුතු කරන බවත් හේ කීවේය.

මේ අතර තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් නියෝජිත පිරිසක් ලබන සතියේදී ඇමෙරිකාව බලා පිටත්ව යෑමට නියමිත අතර එහිදී එරටේ වෙළෙඳ අමාත්‍යාංශයේ නිලධාරීන් මුණගැසී තීරු බදු අඩු කිරීමට ඇති හැකියාව ගැන සාකච්ඡා කිරීමට අපේක්ෂිතය.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පවසන්නේ එම සාකච්ඡාවල දී ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කළ හැකි භාණ්ඩ මත වන වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීම පිළිබඳව සාකච්ඡා කළ හැකි නම් ඉන් වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ඇමෙරිකාවට අපනයනය කිරීමට අවස්ථාව උදාවෙන බවය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleIMF විසින් පැනවූ එක් කොන්දේසියක් ඉටු කරන්න ලක් රජය කාලය ඉල්ලයි
Next Article එමීර් රාජ්‍යයේ උෂ්ණත්වය ඉහළට
admin
  • Website

Related Posts

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.