Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාව පසුකර ජයග්‍රාහී ගමනක
Sports

ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාව පසුකර ජයග්‍රාහී ගමනක

kumudikaBy kumudikaJanuary 31, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඔස්ට්‍රේ­ලි­යා­නු ක්‍රිකට් කණ්ඩායම ද්විත්ව ශත­ක­ය­ක් හා ශතක දෙකක් ලබා ගනිමින් සිය ලකුණු පුව­රුව ටෙස්ට් ඉති­හා­සයේ ශ්‍රී ලංකා­වට එරෙ­හිව ඉනි­මක වැඩිම ලකුණු වාර්තාව පසු කර ඇත. සංචා­රක පිල හා ශ්‍රී ලංකාව අතර පැවැ­ත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (30) ඔස්ට්‍රේ­ලි­යානු පිල කඩුලු 6ක් බිඳ වැටී ලකුණු 654ක් ලබා සිටි­යදී ඉනිම අත්හි­ටවූ අතර, දිනය නිමා­වෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 3ක් බිඳ වැටී ලකුණු 44ක් ලබා සිටි­යේය.

ආර­ම්භක පිති­ක­රු­වන් වූ ඕෂධ හා දිමුත් යන දෙදෙනාම අසා­ර්ථක වෙද්දී මැතිව්ස්ට ද ඒ ආකාරයේ ඉර­ණ­මක් අත්වී ලකුණු 7කට දැවී ගියේය. ලෝක ටෙස්ට් පිටියේ නැඟී එන ක්‍රීඩක සම්මා­නය දිනූ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 13ක් හා දිනේෂ් චන්දි­මාල් නොදැවී ලකුණු 9ක් ලබා දිනය නිමා­වෙද්දී කඩුල්ලේ රැඳී සිටි­යහ.

ඔස්ට්‍රේ­ලි­යානු පිලේ ප්‍රහා­රය දැඩි වූ අතර ඉනිම පුරා හයේ පහර 6ක් හා හත‍‍රේ පහර 54ක් එල්ල කළේය. ගාල්ල ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණයේ පැවැ­ත්වෙන මේ ටෙස්ට් තර­ගයේ පළමු දිනයේ ඔස්ට්‍රේ­ලි­යාව කඩුලු 2කට ලකුණු 330ක් ලබා සිටි අතර, ඊයේ දෙවැනි දිනයේ තවත් කඩුලු 4ක් දැවී ලකුණු 324ක් එක්කර ගත්තේය.

ඒ සම­ඟම මෙයට වසර 30කට පෙර ඔස්ට්‍රේ­ලි­යාව පර්ත්හිදී ශ්‍රී ලංකා­වට එරෙ­හිව කඩුලු 5කට ලකුණු 617ක් ලබා පිහි­ටුවා තිබූ ඉනි­මක වැඩිම ලකුණු වාර්තාව ඊයේ මැකී ගියේය.

ආර­ම්භක පිති­කරු උස්මාන් කවාජා ද්විත්ව ශත­ක­යක්, නායක ස්ටීව් ස්මිත් හා මංගල ටෙස්ට් තර­ග­යට සහ­භාගි වූ ජොස් ඉංග්ලිෂ් ශතක වාර්තා කර­මින් ඔස්ට්‍රේ­ලි­යාව ඉහ­ළට ඔසවා තැබූහ.

මංගල ටෙස්ට් තර­ග­යට සහ­භාගි වූ ජොස් ඉංග්ලිෂ් ටෙස්ට් පිටියේ එවැනි දස්ක­මක් දැක්වූ 118 වැනි ටෙස්ට් ක්‍රීඩ­කයා ලෙස ඉති­හා­ස­යට එක්වූ­වේය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඉන්දියාවේ පලමු හයිඩ්‍රජන් දුම්රිය මාර්තුවේදී ක්‍රියාත්මකයි
Next Article සුව සැරියට නව ගිලන් රථ 150 ක් ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක්
kumudika

Related Posts

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.