Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»පාප් වහන්සේ අසාධ්‍ය තත්ත්වයේ – වතිකානය නිවේදනයක් නිකුත් කරයි
World news

පාප් වහන්සේ අසාධ්‍ය තත්ත්වයේ – වතිකානය නිවේදනයක් නිකුත් කරයි

kumudikaBy kumudikaFebruary 23, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් බරපතළ වී ඇතැයි වතිකානය නිවේදනය කරයි. 88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පසුගිය 14 වැනිදා රෝහල්ගත කෙරුණේ ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙනි.

පසුව උන්වහන්සේගේ පෙනහළු දෙකේම නියෝමෝනියා රෝගී තත්ත්වයක් වර්ධනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ජීවිත අවදානම් මට්ටමක නොපවතින බව මීට දිනකට පමණ පෙරාතුව උන්වහන්සේගේ වෛද්‍ය කණ්ඩායම නිවේදනය කළත් මේ වනවිට උන්වහන්සේගේ තත්ත්වය බරපතළ වී ඇතැයි වතිකානය නිවේදනය කරයි.

ඊයේ දිනයේ දී දැරුණු ඇදුම රෝගී තත්ත්වයකින් උන්වහන්සේගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය තවත් උත්සන්න වී තිබේ.

පාප්වහන්සේගේ ශරීරයේ රුධිර පට්ටිකා මට්ටම පහත යාමත් සමග උන්වහන්සේට රුධිරය ලබා දීමටත් සිදුව තිබුණි. එමෙන්ම ශ්වසන අපහසුතා හේතුවෙන් ඔක්සිජන් ලබාදීමටත් වෛද්‍යවරුන් පියවර ගත් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

නියුමෝනියා රෝගී තත්ත්වය වෙනුවෙන් කෙරෙන ප්‍රතිකාර ද තවදුරටත් ක්‍රියාත්මක ය. අසාධ්‍ය තත්ත්වයෙන් මුදාගැනීම සඳහා අවශ්‍ය සියලු ප්‍රතිකාර සිදුකෙරන බව, වතිකානය සදහන් කර ඇත.

මෙවන් පසුබිමක ලොව පුරා කිතුණු ප්‍රජාවගේ උත්තරීතර ආගමික නායකයා වන ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සුවය පතා කිතුණු ප්‍රජාව යාඥා කිරීම් ආරම්භ කර තිබේ. පාප්වහන්සේ සිය සෞඛය තත්ත්වය පිළිබඳව ජනතාවට විවෘතව දැනුම් දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇතැයි සඳහන්ය.

වතිකානය උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වරින් වර නිවේදන නිකුත් කරන්නේ ඒ අනුව ය.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅවි පුහුණුව ලබා නීතිවිරෝධීව සේවය හැරයන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩි වෙයි
Next Article වාහන ආනයන බදු අඩු කිරීමට රජයේ අවධානය
kumudika

Related Posts

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.