Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»වාහන ආනයන බදු අඩු කිරීමට රජයේ අවධානය
Sri Lankan news

වාහන ආනයන බදු අඩු කිරීමට රජයේ අවධානය

kumudikaBy kumudikaFebruary 23, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

වෙ​ළෙඳපොළ හැසිරීම මත පදනම්ව ඉදිරියේදී වාහන ආනයනය කිරීමේදී පනවන බදු අඩු කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුවී තිබේ.

වසර 05 ක් පමණ කාලයක් පුරා තාවකාලිකව තහනම් කර තිබුණු පෞද්ගලික ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කරන වාහන නැවත ආනයනය කිරීමට 2025 පෙබරවාරි 01 වැනිදා සිට අවසරදීමට රජය පියවර ගෙන තිබිණි.

ඒ අනුව පෞද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා කාර්, වෑන් ආදී මෝටර් රථ, පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා බස් රථ, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගන්නා මෝටර් වාහන, විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ, ත්‍රිරෝද රථ, යතුරු පැදි මෙන්ම අනෙකුත් මෝටර් එන්ජින් භාවිත නොවන අයිතම ආනයනය කිරීමට 2421/44 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් අවසර ලැබිණි.

එලෙස වාහන ආනයනය කිරීමට අවසර ලැබුණ ද, වාහන ආනයනික බදු 300% ක් දක්වා විවිධ ප්‍රතිශතවලින් ඉහළ ගොස් ඇති නිසා නව වාහනවල මිල ගණන් ඉතා ඉහළ යන බව වාහන ආනයනකරුවෝ සඳහන් කරති. එම ආනයනික බදු හේතුවෙන් කුඩා ප්‍රමාණයේ මෝටර් වාහනයක් වන වැගන් ආර් රථයක මිල රුපියල් ලක්ෂ 70 සිට ලක්ෂ 100 දක්වා ඉහළ යන බව වාහන ආනයනයකරුවෝ පවසති.

මෙම ආනයනික බදු හේතුවෙන් වෙළෙඳපොළේ අලුතින් මිලදී ගන්නා ත්‍රිරෝද රථයක මිල රුපියල් මිලියන 02 කට ආසන්න වී තිබේ. ඒ අනුව ඩේවිඩ් පීරිස් සමාගම විසින් වෙළෙඳපොළට නිකුත් කරනු ලබන නවතම ත්‍රිරෝද රථයක මිල රුපියල් දහනව ලක්ෂ අනූපන්දහසක් ලෙස සඳහන්ව තිබේ. ඒ අනුව වෙළෙඳපොළේ පාවිච්චි කළ ත්‍රිරෝද රථවල මිල ගණන් ද අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ.

‘‘මෙම වාහන මිල ගණන් අනුව අද වෙනකොට සාමාන්‍ය කෙනෙකුට වාහනයක් ගන්න හැකියාවක් නැහැ. වාහන ගෙන්වීම නිදහස් කළේ බදු අරගෙන ආදායම් ලැබීමේ පරමාර්ථයෙන්ම පමණක් නොවෙයි. වාහන ගෙන්වීමේදී ආර්ථිකය ක්‍රමයෙන් ප්‍රසාරණය වෙනවා. ආර්ථිකය ප්‍රසාරණය වීමෙනුත් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමේ ඉලක්කයක් රජයට තිබෙනවා’’ යැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත සඳහන් කළේය.

‘‘වෙළෙඳපොළේ හැසිරීම සිදුවෙන හැටි බලලා වාහන ආනයන තීරු බදුවල අඩුවීම් බොහෝ දුරට වෙන්න පුළුවන් කියන ඉඟිය ශ්‍රී ලංකා මහ බැංකුව දීලා තියෙනවා. ඒත් එක්කම මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මග පෙන්වීමක් ද කරනවා’’ යැයි ද ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපාප් වහන්සේ අසාධ්‍ය තත්ත්වයේ – වතිකානය නිවේදනයක් නිකුත් කරයි
Next Article හිටපු ජනපතිලාගේ වරප්‍රසාද ලක්ෂ 170 කින් කප්පදු කරයි
kumudika

Related Posts

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.