Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඉන්දු ලංකා නව ගිවිසුම් වලින් ශ්‍රී ලංකාවට විශේෂ වාසි
Sri Lankan news

ඉන්දු ලංකා නව ගිවිසුම් වලින් ශ්‍රී ලංකාවට විශේෂ වාසි

adminBy adminApril 7, 2025No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉන්දු ශ්‍රී ලංකා සබ­ඳ­තා­වල නව මාවතක් සනි­ටුහන් කරමින් ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි මහ­තාගේ ශ්‍රී ලංකා සංචා­රය ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර ගණ­නා­ව­කට වි­ශේෂී වාසි රැසක් අත් කර දී ඇත.

බල­ශක්ති, ඩිජි­ටල්, ආර­ක්ෂක, සෞඛ්‍ය ක්ෂේත්‍ර­ වලට ප්‍රදා­න­යන් සහ ආධාර ලබා­දීම සම්බ­න්ධ­යෙන් මෙම සංචා­රය අත­ර­තු­රදී ගිවි­සුම් රැස­කට එළැ­ඹීම සිදු විය.

මේ සම්බ­න්ධ­යෙන් ඉන්දි­යාව සහ ශ්‍රී ලංකාව අතර අව­බෝ­ධතා ගිවි­සුම් 7කට අත්සන් තැබිණි. විදු­ලි­බලය ආන­ය­න,අප­න­ය­නය කිරී­මට අධි­වෝ­ල්ටීය සරල ධාරා (HDVC) අන්තර් සම්බ­න්ධ­තා­වක් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දි­යාව අත්සන් තැබූ අව­බෝ­ධතා ගිවි­සුම බල­ශක්ති අමා­ත්‍යාං­ශයේ ලේකම් මහා­චාර්ය කේ.ටී.එම් උද­යංග හේම­පාල සහ ඉන්දි­යානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහ­ත්ව­රුන් අතර මෙහිදී හුව­මාරු කර ගනු ලැබිණි.

ඩිජි­ටල් පරි­ව­ර්ත­නය උදෙසා ජනතා මට්ට­මින් ක්‍රියාත්මක කෙරෙන සාර්ථක ඩිජි­ටල් විස­ඳුම් හුවමාරු කර­ගැ­නීමේ ක්ෂේත්‍රයේ අව­බෝ­ධතා ගිවිසුම ඩිජි­ටල් ආර්ථික අමා­ත්‍යාං­ශයේ ලේකම් වරුණ ශ්‍රී ධන­පාල සහ ඉන්දි­යානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහ­ත්වරු විසින් හුව­මාරු කර ගන්නා ලදි.

ත්‍රිකු­ණා­ම­ලය බල­ශක්ති මධ්‍ය­ස්ථා­න­යක් ලෙස සංවර්ධ­නය කිරීමේ කට­යුත්තේ සහ­යෝ­ගි­තාව සඳහා ශ්‍රී ලංකාව, ඉන්දි­යාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර වූ ත්‍රෛපා­ර්ශ්වීය අව­බෝ­ධතා ගිවි­සුම බල­ශක්ති අමා­ත්‍යාං­ශයේ ලේකම් මහාචාර්ය කේ.ටී.එම්. උද­යංග හේම­පාල මහතා, ඉන්දි­යානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානා­පති කලීඩ් නසාර් අල­මෙරි මහතා විසින් හුව­මාරු කර ගනු ලැබීය.

ආර­ක්ෂක සහ­යෝ­ගී­තාව පිළිබ‍ඳ අව­බෝ­ධතා ගිවි­සුම ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් විශ්‍රා­මික එයාර් වයිස් මාර්ෂල් එච්.එස්. සම්පත් තුයි­ය­කොන්තා මහතා සහ ඉන්දි­යානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා විසින් හුව­මාරු කර ගනු ලැබීය.

ඉන්දි­යාවේ සෞඛ්‍ය හා පවුල් සුබ­සා­ධන අමා­ත්‍යාං­ශය හා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශය අතර වූ සෞඛ්‍ය හා ඖෂධ ක්ෂේත්‍රයේ අවබෝධතා ගිවි­සුම සෞඛ්‍ය සහ ජන­මාධ්‍ය අමාත්‍යාං­ශයේ ලේකම් විශේ­ෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දි­යානු මහ­කොම­සා­රිස් සංතෝෂ් ජා මහතා විසින් හුව­මාරු කර ගත්හ.

ඖෂධ සංග්‍රහ සහ­යෝ­ගී­තාව වෙනුවෙන් ඉන්දි­යානු සෞඛ්‍ය හා පවුල් සුබ­සා­ධන අමා­ත්‍යාං­ශයේ ඖෂධ සංග්‍රහ කොමි­සම සහ ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියා­මන අධි­කා­රිය අතර වූ අව­බෝ­ධතා ගිවි­සුම සෞඛ්‍ය සහ ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම් විශේ­ෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දි­යානු මහ­කො­ම­සා­රිස් සංතෝෂ් ජා මහතා විසින් හුව­මාරු කර ගනු ලැබීය.

නැ‍ඟෙන­හිර පළාතේ බහු-ආංශික ප්‍රදාන සහාය සඳහා වූ අව­බෝ­ධතා ගිවි­සුම මුදල්, ක්‍රම­ස­ම්පා­දන සහ ආර්ථික සංව­ර්ධන අමා­ත්‍යාං­ශයේ ලේකම් මහින්ද සිරි­ව­ර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දි­යානු මහ­කො­ම­සා­රිස් සංතෝෂ් ජා මහතා විසින් හුව­මාරු කර ගන්නා ලදි. ඉන්දීය කෙඩිට් ලයින් යටතේ ක්‍රියා­ත්මක වූ මහව ඕමන්ත දුම්රිය මාර්ගයේ අනුරාධ­පුර- මහව දුම්රිය මාර්ග සංඥා පද්ධ­තිය ද ඉන්දි­යා­වෙන් මෙර­ටට හිමි වූ ව්‍යාපෘ­ති­යක් වන අතර ඊයේ (06) එය විවෘත කිරීම ද සිදු කෙරිණි.

මීට අමතරව ඩොලර් මිලි­යන 14.89ක් විය­ද­මින් ස්ථාප­නය කරන ලද මහව අනු­රා­ධ­පුර දුම්රිය මාර්ග සංඥා පද්ධ­තිය ජනා­ධි­පති අනුර කුමාර දිසානා­යක මහ­තාගේ පසු­ගිය ඉන්දීය සංචා­ර­යෙන් පසු ඉන්දීය රජයේ ප්‍රදා­න­යක් ලෙස මෙර­ටට හිමි විය.

ශ්‍රී ලංකාව පුරා ආග­මික ස්ථාන 5000ක වහල මත සවි කරන සූර්ය විදු­ලි­බල පද්ධති සවි කිරීමේ ව්‍යාපෘතිය ඇරඹීම, දඹුල්ලේ ඉදි­කළ උෂ්ණත්ව පාලිත ගබඩා සංකී­ර්ණය විවෘත කිරීම, මෙගා වොට් 120ක සාම්පූර් සූර්ය විදුලි බලා­ගාර ව්‍යාපෘ­තියේ ඉදි­කි­රීම් කට­යුතු සමා­රම්භ කිරීම අග­මැති, ජන­පති දෙපො­ළගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඊයේ (06) සිදු කෙරිණි. ත්‍රිකු­ණා­ම­ලයේ තිරු­කෝ­නේ­ෂ්ව­රම් කෝවිල, අනු­රා­ධ­පුර පූජා නගර ව්‍යාපෘ­තිය සහ නුව­ර­එ­ළිය සීතා­එ­ළිය කෝවිල් සංකී­ර්ණය සංව­ර්ධ­නය කිරීම සඳහා ඉන්දි­යාව සහාය ලබා­දී­මට ද ඉන්දීය අගැ­ම­ති­ව­ර­යාගේ එක­ඟ­තාව පළ කෙරිණි.

ශ්‍රී ලංකාව සහ ඉන්දි­යාව අතර “සිය­වස් මිතු­ද­මක සෞභා­ග්‍ය­වත් අනා­ග­ත­ය­කට බැඳී­මක්” (Friendship Of Centuries Commitment to Prosperous Future) යන සංක­ල්පය තහ­වුරු කර­මින් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ආරා­ධ­නය පරිදි ඉන්දි­යානු අග්‍රා­මාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා මෙරට රාජ්‍ය සංචා­ර­ය­කට එක්ව සිටි­යේය.

ලක් රජය නියෝ­ජ­නය කර­මින් කැබි­නට් අමා­ත්‍ය­ව­රුන් රැසක් ද, ඉන්දීය විදේශ කට­යුතු ඇමැති ආචාර්ය එස්. ජය­ශං­කර්, ජාතික ආර­ක්ෂක උප­දේ­ශක අජිත් දොවාල් මහ­ත්වරු ඇතුළු ඉන්දි­යානු දූත පිරිස මෙම අව­ස්ථා­වට සහ­භාගි වූහ.

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleටියුෂන් ගුරුවරුන්ගේ වාර්ෂික ආදායම කෝටි 21,000 ක්
Next Article අද කොළඹ කොටස් වෙළඳ පොළ දරුණු කඩා වැටීමක
admin
  • Website

Related Posts

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025

සමූපකාර බැංකු නීති කඩිනම් කිරීමට පියවර

June 7, 2025

රට විරුවන්ගෙන් ගත වුණු මාස හතර ඇතුලත විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 641 ක්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.