Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South ‘South Square’ දියත් කරයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»නවතා තිබූ ඊශ්‍රායල් රැකියා ලබා දීම යලි ඇරඹේ
Sri Lankan news

නවතා තිබූ ඊශ්‍රායල් රැකියා ලබා දීම යලි ඇරඹේ

adminBy adminApril 11, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

තාවකාලිකව අත්හිටුවා තිබූ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකිරීම යළි ආරම්භ කර තිබේ.

ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයේ හා පීබා (PIBA) ආයතනයේ නිළධාරීන් දිවයිනට පැමිණ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් හා අනෙකුත් පරීක්ෂණවලින් සුදුසුකම්ලත් පුද්ගලයින් 95 දෙනෙකු තෝරාගන්නා ලදී. සුදුසුකම් ලැබූ පුද්ගලයින්ගෙන් ඊශ්‍රායලය බලා යාමට නියමිත ශ්‍රමිකයින් 12 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම ඊයේ (10) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී, සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

මෙම පිරිස අප්‍රේල් 20 වැනිදා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතය. ඊශ්‍රායල් රජයේ නියෝජිතයින් විසින් තෝරාගන්නා ලද ශ්‍රමිකයින් අතුරින් කණ්ඩායම් දෙකක් මීට පෙර ඊශ්‍රායලය බලා පිටත්ව ගිය අතර, මෙය තුන්වන කණ්ඩායම වේ.

ඊශ්‍රායල් බලධාරීන් සමග දීර්ඝ වශයෙන් සිදුකළ සාකච්ඡාවන්හි ප්‍රථිඵලයක් වශයෙන් මෙම රැකියා අවස්ථා යළි ලබාගැනීමට හැකිවූ බවත්, ලැබූ රැකියා අවස්ථාවන් ආරක්ෂා කරගැනීමේ හෝ තවදුරටත් වැඩි කරගැනීමේ සියළු වගකීම් ඇත්තේ ශ්‍රමිකයින් සතුව වන බවත්, එබැවින් ඔවුන් නිල නොලත් තානාපතිවරුන් වන බවත් කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා මෙහිදී රැකියාලාභීන් හමුවේ ප්‍රකාශ කළේය. ඔවුන්ට අවශ්‍ය වන ඕනෑම මොහොතකදී කාර්යාංශය ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවත්, උපයාගන්නා මුදල් නිසි පරිදි ආයෝජනය කර අනාගත අභිවෘද්ධිය සඳහා යොදවාගන්නා ලෙසත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleTIN අංකය ගන්න ප්‍රාදේශීය කාර්යාල වල පෝලිම්
Next Article පාස්පෝට් ගන්න අයට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
admin
  • Website

Related Posts

Dubai South ‘South Square’ දියත් කරයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.