Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විස්සයි 20 ලෝක වාර්තාවක් අලුත් කිරීමට ෆිල් ඇලන් සමත් වෙයි

June 13, 2025

ඉන්දීය ගුවන් අනතුර පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපතිගේ ශෝකය

June 13, 2025

ව්‍යාපාර ගොඩ නැංවීමට අවශ්‍ය ණය සහන ලබා දෙන ලෙස බැංකු සඳහා මහ බැංකුවෙන් නිවේදනයක්

June 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 13
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»සේවක අර්ථසාධක අරමුදලේ සමස්ත වත්කම් ට්‍රිලියන 4.3 ඉක්මවයි
Sri Lankan news

සේවක අර්ථසාධක අරමුදලේ සමස්ත වත්කම් ට්‍රිලියන 4.3 ඉක්මවයි

adminBy adminApril 16, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සේවක අර්ථසාධක අරමුදල 2024 වසර අවසානයේ දී විශ්‍රාම අරමුදල් අංශයේ සමස්ත වත්කම්වලින් 81.0%කට හිමිකම් කියමින් සේවක අර්ථසාධක අරමුදල තවදුරටත් එම අංශයෙහි ප්‍රධානත්වය දරා තිබේ. 

සේවක අර්ථසාධක අරමුදලෙහි ශුද්ධ වටිනාකම 2023 වසර අවසානයේ දී වාර්තා කළ රුපියල් බිලියන 3,886.7ට සාපේක්ෂව 2024 වසර අවසානය වන විට රුපියල් බිලියන 4,375.7 දක්වා වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 12.6%කින් සැලකිය යුතු ලෙස වැඩි විය. 

2024 වසර තුළ දී, අරමුදල ආයෝජන කිරීම තුළින් උපයන ලද ආදායම සහ ශුද්ධ දායක මුදල් ලැබීම් මෙම වර්ධනය සඳහා හේතු වී තිබේ. ඊට සමගාමීව, මෙම කාලය තුළ සාමාජිකයන් වෙත වූ මුළු වගකීම ද 12.4%කින් වැඩි විය. 

මේ අතර, 2024 වසර සඳහා මුළු දායක මුදල් ලැබීම් රුපියල් බිලියන 234.4ක් දක්වා 11.3%කින් ඉහළ ගිය අතර, සාමාජිකයින්ට සහ ඔවුන්ගේ නෛතික උරුමක්කරුවන් හට ගෙවන ලද සමස්ත ප්‍රතිලාභ ප්‍රමාණය රුපියල් බිලියන 188.1 දක්වා 12.9% කින් අඩු විය.

2023 වසරේ දී රුපියල් බිලියන 5.3ක සෘණ අගයක් ලෙස වාර්තා වූ අරමුදලෙහි ශුද්ධ දායක මුදල් ලැබීමට සාපේක්ෂව එම අගය 2024 වසරේ දී රුපියල් බිලියන 46.3ක ධන අගයක් ලෙස වාර්තා වී තිබේ.

2024 වසර තුළ අරමුදලේ සමස්ත ආයෝජන ආදායම රුපියල් බිලියන 513.8ක් ලෙස වාර්තා වූ අතර, එය පෙර වසරේ වාර්තා කළ රුපියල් බිලියන 481.1 හා සැසඳීමේ දී 6.8%ක කැපී පෙනෙන වර්ධනයකි. 

පොලී ආදායම, අරමුදලෙහි ප්‍රධාන ආදායම් ප්‍රභවය ලෙස අඛණ්ඩව පැවති අතර, එය 2023 වසරේ දී උපයන ලද රුපියල් බිලියන 442.4ට සාපේක්ෂව 2024 වසරේ දී රුපියල් බිලියන 455.1 දක්වා 2.9%කින් වර්ධනය විය. 

2023 වසරේ දී රුපියල් බිලියන 3.0ක් වූ ලාභාංශ ආදායම 2024 වසරේ දී රුපියල් බිලියන 5.5ක් දක්වා 82.9%කින් ඉහළ ගියේය. 2023 වසරේ දී රුපියල් බිලියන 23.8ක් ලෙස වාර්තා වූ සාධාරණ අගයට (fair value) ඇති ලැයිස්තුගත කොටස් ආයෝජනවල ශුද්ධ ලාභයට සාපේක්ෂව, 2024 වසර සඳහා එම ලාභය රුපියල් බිලියන 49.2ක් ලෙස වාර්තා විය. 

2024 වසර තුළ දී අරමුදලෙහි දළ ආදායමට සාපේක්ෂව මෙහෙයුම් වියදම් අනුපාතය 0.6%ක මට්ටමක පවත්වා ගෙන යන ලදී. 
එසේ වුව ද, ආයෝජන ආදායම වැඩි වීම හේතුවෙන් 2024 වසරේ දී අරමුදලේ බදු වියදම ද රුපියල් බිලියන 64.1ක් දක්වා ඉහළ ගියේය. 

මුදල් හා කම්කරු විෂයන් භාර අමාත්‍යවරුන්ගේ එකඟත්වය ලැබීමට යටත්ව, 2024 වසර සඳහා සාමාජික ශේෂයන් මත 11.00%ක පොලී අනුපාතයක් මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් අනුමත කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2024 වාර්ෂික ආර්ථික විවරණයෙහි මේ බව සඳහන් වේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleSheikh Hamdan Bin Rashid කුමරු ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ චාරිකාවකට එක් වෙයි
Next Article නිවාඩුවෙන් පසු කොළඹ කොටස් වෙළඳ පොළේ කැපී පෙනෙන වර්ධනයක්
admin
  • Website

Related Posts

විස්සයි 20 ලෝක වාර්තාවක් අලුත් කිරීමට ෆිල් ඇලන් සමත් වෙයි

June 13, 2025

ඉන්දීය ගුවන් අනතුර පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපතිගේ ශෝකය

June 13, 2025

ව්‍යාපාර ගොඩ නැංවීමට අවශ්‍ය ණය සහන ලබා දෙන ලෙස බැංකු සඳහා මහ බැංකුවෙන් නිවේදනයක්

June 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.