Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

නොරොච්චෝලේ තුන් වන ජනන යන්ත්‍රය අක්‍රීය කරයි

June 13, 2025

සහන සුබ සාධන සංගමය ඉදිරි වසර 2 සඳහා නව නිලධාරී  මණ්ඩලයක්  පත්කර ගනී

June 13, 2025

Mleiha කාන්තාරය ආලෝකමත් කිරීමට Tanweer උත්සවය නොවැම්බරයේදී

June 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ව්‍යාපාර ගොඩ නැංවීමට අවශ්‍ය ණය සහන ලබා දෙන ලෙස බැංකු සඳහා මහ බැංකුවෙන් නිවේදනයක්
Sri Lankan news

ව්‍යාපාර ගොඩ නැංවීමට අවශ්‍ය ණය සහන ලබා දෙන ලෙස බැංකු සඳහා මහ බැංකුවෙන් නිවේදනයක්

kumudikaBy kumudikaJune 13, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පසුගිය කාලය තුළ අහිතකර ලෙස බලපෑමට ලක් වූ ව්‍යාපාර, තිරසාර ලෙස යළි පණ ගැන්වීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, 2025.03.31 වන විට අදාළ බැංකු සමඟ ව්‍යාපාර යළි පණ ගැන්වීම සඳහා සාකච්ඡා ආරම්භ කළ කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙණුකරුවන්හට තවදුරටත් සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (මින් ඉදිරියට බලපත්‍රලාභී බැංකු ලෙස හැඳින්වේ) වෙත උපදෙස් ලබා දී ඇත.

මෙම සහන, බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සහන සැලසීම සඳහා නිකුත් කළ 2024.12.19 දිනැති 2024 අංක 04 දරන චක්‍රලේඛයට සහ එකී චක්‍ර ලේඛය සඳහා වූ 2025.01.01 දිනැති අතිරේකයට අනුකූල වේ.

ඒ අනුව, බලපෑමට ලක් වූ ණය ගනුදෙණුකරුවන්හට පොලී සහන සහ නව ණය ලබා දීම ඇතුළු තවදුරටත් සහන ලබා දෙන ලෙස බලපත්‍රලාභී බැංකුවලට උපදෙස් ලබා දී ඇති අතර, 2024 අංක 04 දරන චක්‍රලේඛය ප්‍රකාරව බලපත්‍රලාභී බැංකුවලට සුදුසුකම් ලත් කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙණුකරුවන් සමඟ ණය ප්‍රතිලේඛනගත කිරීමේ ගිවිසුම්වලට එළඹීම සඳහා ලබා දී ඇති කාල සීමාව ද 2025.06.15 සිට 2025.06.30 දක්වා දීර්ඝ කර ඇත.

චක්‍ර ලේඛයේ දක්වා ඇති පරිදි ව්‍යාපාර යලි පණ ගැන්වීම පිළිබඳ සාකච්ඡා සඳහා බලපත්‍රලාභී බැංකු සමඟ සම්බන්ධ වූ ණය ගනුදෙණු කරුවන් හට මෙම සහන සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අදාළ බලපත්‍රලාභී බැංකු වෙතින් ලබා ගත හැකිය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleEmaar Properties ලොව උසම Metro Blue Line  දුම්රිය ස්ථානය ඉදි කිරීමට සැරසෙයි
Next Article ඉන්දීය ගුවන් අනතුර පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපතිගේ ශෝකය
kumudika

Related Posts

නොරොච්චෝලේ තුන් වන ජනන යන්ත්‍රය අක්‍රීය කරයි

June 13, 2025

සහන සුබ සාධන සංගමය ඉදිරි වසර 2 සඳහා නව නිලධාරී  මණ්ඩලයක්  පත්කර ගනී

June 13, 2025

Mleiha කාන්තාරය ආලෝකමත් කිරීමට Tanweer උත්සවය නොවැම්බරයේදී

June 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.