Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

නොරොච්චෝලේ තුන් වන ජනන යන්ත්‍රය අක්‍රීය කරයි

June 13, 2025

සහන සුබ සාධන සංගමය ඉදිරි වසර 2 සඳහා නව නිලධාරී  මණ්ඩලයක්  පත්කර ගනී

June 13, 2025

Mleiha කාන්තාරය ආලෝකමත් කිරීමට Tanweer උත්සවය නොවැම්බරයේදී

June 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»විස්සයි 20 ලෝක වාර්තාවක් අලුත් කිරීමට ෆිල් ඇලන් සමත් වෙයි
Sports

විස්සයි 20 ලෝක වාර්තාවක් අලුත් කිරීමට ෆිල් ඇලන් සමත් වෙයි

kumudikaBy kumudikaJune 13, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විස්සයි20 තරග බිමේ වේගවත්ම ලකුණු 150 ලෝක වාර්තාව අලුත් කිරීමට නවසීලන්තයේ ෆිල් ඇලන් සමත් විය. 

අමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය වන මේජර් ලීග් (MLC) තරගාවලියේ මෙවර තරගාවාරය ආරම්භකරමින් පැවති තරගයේදී ඔහු මෙම සුපිරි වාර්තාව පිහිටු විය.

සැන් ෆ්‍රැන්සිස්කෝ යුනිකෝන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකරන ෆින් ඇලන්, වොෂින්ටන් ෆ්‍රීඩම් කණ්ඩායමට එරෙහිව මෙම දක්ෂතා දැක්වීය.
මෙහිදී ඇලන් පන්දු 49කින් ලකුණු 150 සම්පූර්ණ කළේය.

පන්දු 51කින් ගොඩනැගුණු ඔහුගේ සම්පූර්ණ ඉනිමට හයේ පහර 19ක් හා හතරේ පහර 5ක් ඇතුළත් විය.

ඇලන් විසින් බිඳදමනු ලැබුවේ 2022 වසරේ දී දකුණු අප්‍රිකාවේ ඩිවාල්ඩ් බ්‍රෙවිස් එරට විස්සයි20 ලීගයේදී පන්දු 52කින් ලකුණු 150 සම්පූර්ණ කර පිහිටුවා තිබූ වාර්තාවය.

මේ අතර මෙම තරගයේ දී ඇලන් හයේ පහර 19ක් එල්ලකළ අතර, එයද විස්සයි20 තරගයකදී එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ ලෝක වාර්තාව විය. ඔහු විසින් බිඳදමනු ලැබුවේ ක්‍රිස් ගේල් සහ එස්තෝනියාවේ සහිල් චෞහාන් හයේ පහර 18 බැගින් එල්ලකර පිහිටුවා තිබූ වාර්තායි.

මෙරට වේලාවෙන් අද (13) පෙරවරුවේ අවසන් වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සැන් ෆ්‍රැන්සිස්කෝ යුනිකෝන්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළදී ලකුණු 269/5ක් රැස්කළේය.

කෙසේ නමුත් ඊට පිළිතුරු ලෙස වොෂින්ටන් ෆ්‍රීඩම් කණ්ඩායමට පන්දුවාර 13.1කදී ලබාගත හැකිවූයේ ලකුණු 146ක් පමණි.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඉන්දීය ගුවන් අනතුර පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපතිගේ ශෝකය
Next Article She Runs Dubai 2025 නොවැම්බර් මාසයේදී නැවතත්
kumudika

Related Posts

නොරොච්චෝලේ තුන් වන ජනන යන්ත්‍රය අක්‍රීය කරයි

June 13, 2025

සහන සුබ සාධන සංගමය ඉදිරි වසර 2 සඳහා නව නිලධාරී  මණ්ඩලයක්  පත්කර ගනී

June 13, 2025

Mleiha කාන්තාරය ආලෝකමත් කිරීමට Tanweer උත්සවය නොවැම්බරයේදී

June 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.