Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රාජ්‍ය ආයතන වල සේවා කටයුතු අධීක්ෂණයට අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටු වීම අරඹයි

May 22, 2025

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස මහාචාර්ය අරූෂා කුරේ මහත්මිය වැඩ භාර ගනී

May 22, 2025

එමීර් රාජ්‍යයට සුළං සහිත වියළි කාලගුණයක්

May 22, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 22
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකා ජනරජ දිනය අද
Sri Lankan news

ශ්‍රී ලංකා ජනරජ දිනය අද

kumudikaBy kumudikaMay 22, 2025Updated:May 22, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකා ජනරජ දිනය අදට (22) යෙදී තිබේ.
1815දී උඩරට ගිවිසුම හරහා ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් කර ගැනුණු අතර එතැන් පටන් ශ්‍රී ලංකාවේ පරමාධිකාරී බලය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වෙත පැවරිණි.

1948 පෙබරවාරි 4 වැනි දින ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුණු ද එය ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් විය. තවදුරටත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් පත්කරන ලද අග්‍රාණ්ඩුකාරවරයාය. බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් අග්‍රාණ්ඩුකාරවරයා අත්සන් කරනතුරු පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කරන පනතක් වුවද නීතිගත වූවේ නැත. විශේෂයෙන්ම මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක කර හදිසි නීතිය පැනවූ අවස්ථාවේදී සන්නද්ධ සේනාවන්හි සේනාධිනායක වූයේ ආණ්ඩුකාරවරයායි. එසේම ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණ බලය පැවතියේ ද එංගලන්තයේ ප්‍රිවි කවුන්සිලයටය.

මෙම තත්ත්වයෙන් මිදී ශ්‍රී ලංකාව මුළුමනින්ම නිදහස්, පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත්වූයේ 1972 මැයි 22 දිනයි. ඒ එවකට සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ප්‍රමුඛ රජය මඟින් සම්මත කර ගත් ජනරජ ව්‍යවස්ථාව මඟිනි. ඒ අනුව ශ්‍රී ලංකාව ජනරජයක් බවට ප්‍රකාශයට පත් කර අදට වසර 53ක් සපිරේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleHajj සහ Eid Al Adha සඳහා එමිරේට්ස් සේවයෙන් අතිරේක ගුවන් ගමන් 46ක්
Next Article එමීර් රාජ්‍යයට සුළං සහිත වියළි කාලගුණයක්
kumudika

Related Posts

රාජ්‍ය ආයතන වල සේවා කටයුතු අධීක්ෂණයට අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටු වීම අරඹයි

May 22, 2025

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස මහාචාර්ය අරූෂා කුරේ මහත්මිය වැඩ භාර ගනී

May 22, 2025

එමීර් රාජ්‍යයට සුළං සහිත වියළි කාලගුණයක්

May 22, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.