Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

අලුත් ඩයිනෝසර විශේෂයක් සොයා ගැනේ

June 12, 2025

ආහාර නාස්තිය අවම කිරීම සහ සේවක පෝෂණය සඳහා Dubai Expo city වෙතින් Terrazo ව්‍යාපෘතිය දියත් කරයි

June 12, 2025

ගිම්හානයේ පැමිණෙන සංචාරකයින් සඳහා ඩුබායි ගුවන්තොටුපලෙන් වාහන නැවැත්වීමේ වට්ටමක්

June 12, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, June 12
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ජනාධිපති සමාව සල්ලි වලට අරන් – සිරකරුවන් සුරැකීමේ සංවිධානය කියයි
Sri Lankan news

ජනාධිපති සමාව සල්ලි වලට අරන් – සිරකරුවන් සුරැකීමේ සංවිධානය කියයි

kumudikaBy kumudikaJune 10, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

වෙසක් පොහොය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට ජනාධිපති සමාව ලබාදීමේදී එක් රැඳවියකු සඳහා අනීතිකව ජනාධිපති සමාව ලබාදීම සහ බන්ධනාගාරයන් තුළ බන්ධනාගාර නිලධාරීන්ගේ අනුදැනුම ඇතිව සිදුවන විවිධ අකටයුතුකම් සම්බන්ධයෙන් විරෝධතාවය පළ කිරීම සඳහා සිරකරුවන් සුරැකීමේ සංවිධානය විසින් සිදු කරන ලද නිහඬ විරෝධතාවයක් (09) දින පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්විණ.

මෙම නිහඬ විරෝධතාවය අතරතුරදී එම ස්ථානයට පැමිණි ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අදාල උද්ඝෝෂණය සංවිධානය කල නිලධාරීන් දස දෙනෙකුට අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගායේදී ඔවුන්ගේ ගැටළුව පිළිබඳව සාකච්ඡාවකට අවස්ථාව ලබා ලබාදීම සිදුවිය.

මෙහිදී උද්ඝෝෂකයන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන අනීතික කටයුතු පිළිබඳව මෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ රාජකාරී සිදුකරන ඉහළ නිලධාරීන්ගේ පූර්ණ අනුදැනුම ඇතිව දීර්ඝ කාලයක් තිස්සේ බන්ධනාගාර ගතව සිටින මුදල් යහමින් ඇති දූෂිත පුද්ගලයන් සඳහා ජනාධිපති සමාව ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් ඒ තුළින් සැබැවින්ම ජනාධිපති සමාව ලැබිය යුතු පුද්ගලයින් සඳහා දැඩි අසාධාරණයක් සිදුවන බවත් දූෂණයෙන් පිරුණූ මුදලට ගිජු ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු බන්ධනාගාර දෙපාර්තමේන්තුව තමන්ගේ දේපලක් මෙන් අයුතු ලෙස රාජකාරී කටයුතු කරන බවයි.

අමාත්‍යතුමා පිළිතුරු ලබාදෙමින් පවසා සිටියේ පසුගිය දින කිහිපයකට පෙර වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති සමාව ලබාදීමේදී අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු සඳහා ජනාධිපති සමාව ලබාදීමේ සිද්ධියේදී බරපතල අක්‍රමිකතාවයක් සිදුවී ඇති බවයි.

රජයක් ලෙස මෙවැනි ක්‍රියාකාරකම් කිසිසේත් අනුමත නොකරන බව සඳහන් කල අමාත්‍යතුමා වැඩිදුරටත් සඳහන් කලේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිර්දේශ කල නම් ලැයිස්තුවේ සඳහන් නොමැති පුද්ගලයකු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නිදහස් කර ඇති බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වන විටත් ඉතා කඩිනමින් සිදු කරමින් පවතින බවත් එහි ප්‍රතිඵලයක් ලෙස කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව බන්ධනාගාර කොමසාරිස්වරයාව පරීක්ෂණ අවසන් වන තෙක් වැඩ තහනමකට ලක් කිරීමට කටයුතු කල බවය.

මෙම අවස්ථාවට සිරකරුවන් ආරක්ෂා කිරීමේ සංවිධානයේ සභාපති නීතිඥ සේනක පෙරේරා ඇතුළු සිරකරුවන් ආරක්ෂා කිරීමේ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් සහ අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්වූහ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleරජයේ ආදායම් කැපී පෙනෙන ලෙස ඉහලට
Next Article ඩුබායි Quranic Park හි නොමිලේ වාහන නැවැත්වීම සමඟ ආකර්ෂණීය නැරඹුම් අවස්ථා
kumudika

Related Posts

අලුත් ඩයිනෝසර විශේෂයක් සොයා ගැනේ

June 12, 2025

ආහාර නාස්තිය අවම කිරීම සහ සේවක පෝෂණය සඳහා Dubai Expo city වෙතින් Terrazo ව්‍යාපෘතිය දියත් කරයි

June 12, 2025

ගිම්හානයේ පැමිණෙන සංචාරකයින් සඳහා ඩුබායි ගුවන්තොටුපලෙන් වාහන නැවැත්වීමේ වට්ටමක්

June 12, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.