Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Tourism»මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ නැවතත් ජාත්‍යන්තර මෙහෙයුම් අරඹයි
Tourism

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ නැවතත් ජාත්‍යන්තර මෙහෙයුම් අරඹයි

Stanly KularathnaBy Stanly KularathnaDecember 29, 2022No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වසර 2කට ආසන්න කාලයකට පසු අ​ද (දෙසැ. 29) සිට නැවතත් ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

මත්තල ගුවන්තොටුපළට කාල සටහනකට අනුව අවසන් වරට ගුවන් යානයක් පැමිණ තිබුණේ, 2021 වසරේදී ය.

ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙස ඉදිකරන ලද මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ පසුගිය කාලයේ හුදෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට විකල්ප ගුවන් තොටුපළක් ලෙස භාවිත කෙරිණි. එමෙන් ම, මෙරට ගුවන් සීමාවට ඉහළින් පියාසර කරන ගුවන් යානාවලට හදිසි ගොඩබෑම් සඳහා යොදාගත් ගුවන් තොටුපළක් ලෙස ද එය භාවිත කෙරිණි.

සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ, අ​ද (දෙසැ. 29) උදෑසන මගීන් 400කට වැඩි පිරිසක් රැගෙන Redwings ගුවන් සමාගමට අයත් බෝයිං 777-200 වර්ගයේ ගුවන් යානයක් රුසියාවේ සිට මත්තල ගුවන්තොටුපළට පැමිණීමට නියමිත බවයි.

ඒ අනුව, Redwings ගුවන් සමාගම 2023 වසරේ සිට සතියකට ගුවන් වාර 2ක් බැගින් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර එය 3ක් දක්වා වර්ධනය කිරීමට නියමිත බව එම අධිකාරිය පැවසුවේ.

ඒ සඳහා විදේශ ගුවන් සමාගමකට දෙනු ලබන විදේශීය ගුවන් සමාගම් සඳහා වන මෙහෙයුම් බලපත්‍රය (Foreign Aircraft Operator Certificate) සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරි පී.ඒ. ජයකාන්ත විසින් එම ගුවන් සමාගමේ දේශීය සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන LSR සමාගමේ සභාපති තිලක් වීරසිංහ වෙත ලබා දී තිබෙනවා.

“ගුවන් සේවා විෂය භාර ඇමතිතුමාගේ උපදෙස් මත මත්තල ගුවන්තොටුපළ වෙත තව තවත් ගුවන් යානා ගෙන්වීම සඳහා ජාත්‍යන්තර ගුවන් සමාගම් කිහිපයක් සමග මේ වන විට සාකච්ඡා කරමින් පවතිනවා. ලබන වසර තුළදී මත්තල ගුවන්තොටුපළ තුළ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු කිරීම සඳහා ගුවන් සේවා අමාත්‍යංශය හා සිවිල් ගුවන් සේවා අධිකාරිය කටයුතු කරමින් සිටිනවා.

පළමු ගුවන් යානය, රුසියාවේ සිට මගීන් 400කට වැඩි සංඛ්‍යාවක් රැගෙන අ උදෑසන මත්තලට පැමිණීමට නියමිත යි. මෙම ගුවන් සමාගමට සතිකයට ගුවන් ගමන් දෙකක් මෙහෙයුම් කටයුතු කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති අතර තව තවත් ගුවන් යානා ගෙන්වීම සඳහා සකච්ඡා පවතිනවා. “මේ වන විට රුසියානු එයරොෆ්ලොට් සහ අසූර් යන ගුවන් සමාගම් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ වගේම, මේ වන විට මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ගෙන් ඉහළ ම ප්‍රතිශතයක් පැමිණෙන බවට වාර් තා වන්නේ රුසියාවෙන්” එම අවස්ථාවේ අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleහත්තා හි 100% පුනර්ජනනීය ජල විදුලි බලාගාරය 58.48% වැඩ සම්පූර්ණයි
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැදගත්ම සහකරු එක්සත් ජනපදයයි
Stanly Kularathna

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.