Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»හත්තා හි 100% පුනර්ජනනීය ජල විදුලි බලාගාරය 58.48% වැඩ සම්පූර්ණයි
Uncategorized

හත්තා හි 100% පුනර්ජනනීය ජල විදුලි බලාගාරය 58.48% වැඩ සම්පූර්ණයි

Stanly KularathnaBy Stanly KularathnaDecember 29, 2022No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙගාවොට් 250ක (MW) නිෂ්පාදන ධාරිතාවකින්ද, මෙගාවොට් පැය 1,500ක ගබඩා කිරීමේ ධාරිතාවකින්ද, වසර 80ක් දක්වා ආයු කාලයකින්ද සමන්විත වන මෙම බලාගාරයේ ඉදිකිරීම් කටයුතු 58.48%ක් සම්පූර්ණ කර තිබෙනවා. ඩිරාම් බිලියන 1.421ක් දක්වා ආයෝජන සහිත ගල්ෆ් කලාපයේ හි මෙවැනි ආකාරයේ පළමු බලාගාර​ය මෙය වේ. ව්‍යාපෘතිය 2024 ව​ස​රේ  අවසන් කාර් තුවේදී අවසන් කිරීමට සැලසුම් කර ඇත.

හත්තා හි පොම්ප කරන ලද ගබඩා ජල විදුලි බලාගාරය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අගමැති සහ ඩුබායි පාලක අතිගරු Sheikh Mohammed bin Rashid Al Maktoum ගේ දැක්ම සහ නියෝග සාක්ෂාත් කර ගැනීම සඳහා DEWA දරන උත්සාහයේ කොටසකි. සමාජ, සංවර් ධන, ආර් ථික සහ පාරිසරික අවශ්‍යතා සපුරාලීමට මෙන්ම හත්තා හි එමිරේට්ස් සඳහා නව්‍ය රැකියා අවස්ථා ලබා දීම සඳහා ​එතුමාණන් විසින් දියත් කරන ලද හත්තා සඳහා වූ විස්තීර්ණ සංවර්ධන සැලැස්මට එය සහාය වේ.

DEWA හි කලමණාකාර අධ්‍යක්ෂ​ක සහ ප්‍රධාන විධායක නිලධාරී අතිගරු Saeed Mohammed Al Tayer පැවසුවේ, හත්තා හි පොම්ප කරන ලද ගබඩා ජල විදුලි බලාගාරය ඩුබායි පිරිසිදු බලශක්ති උපායමාර්ගය සහ ඩුබායි ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන උපාය මාර්ගය 2050දී  ලබා දීම සඳහා DEWA දරන උත්සාහයේ කොටසක් බවයි. 2050 වන විට ඩුබායි හි සම්පූර් ණ බලශක්ති නිෂ්පාදන ධාරිතාව පිරිසිදු බලශක්ති ප්‍රභවයන්ගෙන් වනු ඇති.

හත්තා ප්‍රදේශයේ පුරවැසියන් සඳහා නව්‍ය රැකියා අවස්ථා ලබාදීමට අමතරව එහි සමාජ, ආර් ථික, සංවර් ධන හා පාරිසරික අවශ්‍යතා සපුරාලීම සඳහා වූ පුළුල් සැලැස්මට මෙම ව්‍යාපෘතිය සහාය දක්වයි.

ඩුබායි හි පුනර්ජනනීය සහ පිරිසිදු ප්‍රභවයන්ගෙන් බලශක්ති නිෂ්පාදනය විවිධාංගීකරණය කිරීම සඳහා DEWA විසින් දියත් කරන ලද ව්‍යාපෘති සහ මුලපිරීම්වල කොටසක් ලෙස හත්තා හි ජල විදුලි බලාගාරය Al Tayer විසින් හැඳින්වූවා. මේ සඳහා සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා පැනල, සාන්ද්‍රිත සූර් ය බලය සහ පුනර්ජනනීය බලශක්තිය භාවිතයෙන් හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනය වැනි විවිධ තාක්ෂණයන් ඇතුළත් වේ.

ඉහළ වේල්ලේ ගබඩා කර ඇති ජලය කිලෝමීටර 1.2 ක භූගත උමං මාර් ගයක් ඔස්​සේ ගලා යාමට සලස්වා එමගින් ටර්බයින භ්‍රමණය කර විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරයි, එය තත්පර 90 ක් ඇතුළත විදුලිබල පද්ධතියට එක්කරණු ලැබේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ Mohammed bin Rashid Al Maktoum සූර්ය උද්‍යානයේ සූර්ය ආලෝකය ආශ්‍රයෙන් ජනනය කරන පිරිසිදු බලශක්තිය උපයෝගීත්වයෙන්, මෙම උමග හරහා නැවත ඉහළ වේල්ල වෙත ජලය පොම්ප කිරීමට සලස්වා එම ජලයෙන්ම නැවත විදුලිය නිපදවීම තුලින් මුළු ව්‍යාපෘතියම සියයට 100 කින් පුනර්ජනනීය බවට පත් කිරීමයි.

Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleරාජ්‍ය සේවකයන් 1150ක් අවුරුදු 5ක නිවාඩුව අරන්
Next Article මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ නැවතත් ජාත්‍යන්තර මෙහෙයුම් අරඹයි
Stanly Kularathna

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.