Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි සමුද්‍රීය අධිකාරිය සමුද්‍රීය යාත්‍රා බලපත්‍ර අලුත් කිරීම් සඳහා දුරස්ථ පරීක්ෂණ සේවාවක් අරඹයි

May 25, 2025

ඉන්දු පාකිස්තාන අර්බුදය සාකච්ඡා කරන්න එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස් වෙයි

May 25, 2025

නවසීලන්ත නියෝජ්‍ය අගමැති නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

May 25, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 25
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Technology»ඩුබායි රේගු නිලධාරීන් සැකකරුවන් අල්ලා ගැනීමට භාවිතා කරන මෙවලම්
Technology

ඩුබායි රේගු නිලධාරීන් සැකකරුවන් අල්ලා ගැනීමට භාවිතා කරන මෙවලම්

Stanly KularathnaBy Stanly KularathnaJanuary 27, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි රේගු නිලධාරීන් ඩුබායි හි සැකකරුවන් හඳුනා ගැනීමට සහ අල්ලා ගැනීමට, මත්ද්‍රව්‍ය සහ වෙනත් හානිකර ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට නිරන්තරයෙන් නව්‍යකරණය වෙන උසස් තාක්‍ෂණය සහ කෘතිම බුද්ධිය භාවිතා කරනවා. මූලික සහජ බුද්ධියේ සිට ඩ්‍රෝන යානා දක්වාත් පර්යේෂණ මගින් හා නවෝත්පාදන භාවිතයෙන් පරීක්ෂණ කටයුතු උසස් අයුරින් මෙහෙයවීමට උපකාර කරනවා.

6 වන ඩුබායි රේගු සතියේදී නවෝත්පාදන මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී හුසේන් අල් ෆර් දාන් මෙසේ අදහස් දැක්වූවා.

“ජාවාරම් කරුවන් නීතිවිරෝධී ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය වෙළඳාම් කිරීමට නව ක්‍රමෝපායන් භාවිත කරනවා. නමුත් අපි ද නව ක්‍රමෝපායන් භාවිතා කරමින් ඒවා අබිභවමින් සිටිනවා. අපරාධකරුවන් හඳුනා ගැනීමට සහ ඩුබායි හි නීති විරෝධී ද්‍රව්‍ය අල්ලා ගැනීමේ දක්ෂ ක්‍රම ඉදිරිපත් කිරීමට අපි නව ක්‍රමවේද දිගටම කරගෙන යනවා”

ඩුබායි රේගු සතියට සමගාමීව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා ඩ්‍රෝන යානා වැඩි වැඩියෙන් භාවිතා කරන බවයි. “අපි සැමවිටම ​ඉන්නේ GPS වලට සම්බන්ධ, කුඩා හා ඵලදායී මෙවලම් සොයමින්. ඩ්‍රෝන යානා පරිපූර්ණව ඒ සඳහා ගැලපෙනවා. ඩුබායි රේගුවේදී, මිනිසුන්ට හෝ පරීක්ෂණ වලට සහය වෙ​න සුනඛයින්ට අභියෝගයක් වන ස්ථාන කරා ළඟා වීමට අපි මෙම මෙවලම් භාවිතා කරනවා. සමහර විට මත්ද්‍රව්‍ය සහ වෙනත් ද්‍රව්‍ය පරීක්ෂකවරුන්ට සහ සුනඛයින්ට හානිකර විය හැකි අවස්ථා තිබෙනවා.රොබෝවරු හොඳ ආදේශකයක් වන අතර, ඒවාට අභියෝග කළ හැකියි. අනෙක් අතට, ඩ්‍රෝන, බාධාවකින් තොරව එම කාර්යය ඉටු කරනවා”

මිනි මැවික් ඩ්‍රෝන යානයක් ක්‍රියා කරන ආකාරය නිරූපණය කරමින් අල් ෆර්දාන් පැවසුවේ, “මෙම ඩ්‍රෝන යානය ත්‍රිමාණ කූඩුවකින් ආරක්‍ෂා කර ඇති නිසා එය පරීක්ෂ​ණ අඩවියේදී හානි නොවන අතර එය ජලය යටට ද යා හැකියි.”

ඩුබායි රේගුවේ නවෝත්පාදන විශේෂඥ Khalid Al Zarooni, අපරාධකරුවන් අල්ලා ගැනීම සඳහා පරීක්ෂකවරුන් දැනුවත් කිරීම සඳහා ඩුබායි රේගුව විසින් සංකල්පිත වෙනත් නව්‍ය ශිල්පීය ක්‍රම කිහිපයක් පැහැදිලි කළේය. “උදාහරණයක් විදියට අපි පාවිච්චි කරන්නේ මැදිරිවල බෙදා ඇති සූට්කේසයක්. අපේ පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගත් විවිධ මත් ද්‍රව්‍ය ඒ මැදිරිවල පෙන්නනවා. ඉතින් අපි කරන්නේ මේවාට උදාහරණ පෙන්වා විවිධ මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය හඳුනාගැනීමට අපේ පරීක්ෂකවරුන්ට පුහුණු කිරීමයි. මෙමගින් ඔවුන්ට මත්ද්‍රව්‍ය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගත හැකියි.”

උසස් තාක්ෂණය සහ කෘතිම බුද්ධිය භාවිතා කිරීමට අමතරව, ඩුබායි රේගු නිලධාරීන් සැකකරුවන් අල්ලා ගැනීම සඳහා ඔවුන්ගේ මූලික සහජ බුද්ධිය මත ද විශ්වාසය තබනවා.

“සැකකරුවන්ගේ ශරීර භාෂාව අපට පෙනෙනවා. ඔවුන් කතා කරන විට අප දෙස නොබලන බව හෝ ප්‍රශ්න මඟ හැරීමට උත්සාහ කරන බව අපට පෙනී ගියහොත්, ඔහුට යමක් වැරදී ඇති බව අපි දැනගන්නවා.”

ඩුබායි රේගුව එහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා පර්යේෂණ, නවෝත්පාදන සහ අධ්‍යාපනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව දැනුවත් කිරීම් සහ අධ්‍යාපන කළමණාකරු සයීඩ් බින් ෆාරිස් පැවසීය.

“තාක්‍ෂණික දියුණුව සමඟ වේගයෙන් ගමන් කර​න, දියුණු මෙවලම් සොයා ගැනීම, අපරාධකරුවන් අල්ලා ගැනීම සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ වෙනත් හානිකර ද්‍රව්‍ය වෙළඳාම මැඩපැවැත්වීම සහතික කිරීම සඳහා නවෝත්පාදනයන් මත ක්‍රියා කරන කැපවූ කණ්ඩායමක් අප සතුව සිටිනවා”

වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන ෆාරිස් නවෝත්පාදකයෙකි. “ඉගෙන ගැනීම කිසිදා අවසන් නොවන බව මම විශ්වාස කරමි. මම නිරතුරුවම නවෝත්පාදන සහ එ​ය භාවිතය සඳහා මෙවලම් සංවර්ධනය කරන වැඩමුළු ​පවත්වනවා. අපගේ නවෝත්පාදනයන් ගෝලීය වශයෙන් හඳුනාගෙන ඇති අතර අපගේ නව නිපැයුම් සඳහා අපි සම්මාන කිහිපයක්ද දිනා තිබෙනවා”

ඔහු තවදුරටත් මෙසේ පැවසුවා “ඩුබායි රේගුවේදී, ත්‍යාග සමඟ අදහස් ඉදිරිපත් කිරීමට මහජනතාව සම්බන්ධ කර ගැනීම පිළිබඳවද අපි විශ්වාස කරමු. අපි පාසල් සහ විශ්ව විද්‍යාල සඳහා බුද්ධිමය දේපල සම්මානයක් දියත් කර ඇත්තෙමු. මෙම වසරේ, සම්මානයට සහභාගී වීමේ අවසාන දිනය ජනවාරි 30 වන අතර, ව්‍යාපෘති ඉදිරිපත් කිරීම අවසන් වන්නේ අප්‍රේල් 10 වැනිදාය. අප්‍රේල් 26 ලෝක බුද්ධිමය දේපල දිනය​ට සමගාමී​ව ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කෙරෙනවා.

2007 දී මෙම සම්මාන වැඩසටහන දියත් කළ දා සිට පාසල් 188කින් සහ විශ්වවිද්‍යාල 13කින් සිසුන් 31,000ක් පමණ සහභාගි වී තිබෙනවා.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleEtihad Rail හි දිගම දුම්රිය පාලම Al Qudra හරහා දිව යයි
Next Article UAE හි පැවැත්වෙන ශ්‍රී ලාංකික සංගීත සැණකෙළි මාලාවක්
Stanly Kularathna

Related Posts

ඩුබායි සමුද්‍රීය අධිකාරිය සමුද්‍රීය යාත්‍රා බලපත්‍ර අලුත් කිරීම් සඳහා දුරස්ථ පරීක්ෂණ සේවාවක් අරඹයි

May 25, 2025

ඉන්දු පාකිස්තාන අර්බුදය සාකච්ඡා කරන්න එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස් වෙයි

May 25, 2025

නවසීලන්ත නියෝජ්‍ය අගමැති නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

May 25, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.