Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»ශ්‍රී ලංකා රජය සතු ව්‍යාපාර හතක් පෞද්ගලීකරණය​ට
Uncategorized

ශ්‍රී ලංකා රජය සතු ව්‍යාපාර හතක් පෞද්ගලීකරණය​ට

Stanly KularathnaBy Stanly KularathnaMarch 24, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ර​ටේ වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වන පරිදි වර්ධනය වේගවත් කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේ උත්සාහයක් ලෙස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ රජය විසින් රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයක් (SRU) පිහිටුවා ඇත.

රජය සතු ව්‍යවසාය (SOE) අංශය වසර කිහිපයක සිට රටේ ආර්ථිකයට දැඩි බරක් වී තිබීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව,

  • ශ්‍රී ලංකන් ගුවන් සේවය හා ශ්‍රී ලංකන් කේටරින්
  • ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT)
  • ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව (SLIC)
  • කැන්විල් හෝල්ඩින්ස් (ග්‍රෑන්ඩ් හයාත් කොළඹ)
  • හොටෙල් ඩිවෙලපර්ස් ලංකා (හිල්ටන් හෝටලය කොළඹ)
  • ලිට්‍රෝ ගෑස් ලංකා හා ලිට්‍රෝ ගෑස් ටර්මිනල්ස්
  • ලංකා හොස්පිටල්ස්

ඇතුළු විවිධ සමාගම් ප්‍රතිපත්තිමය වශයෙන් පෞද්ගලීකරණය​ට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

SRU විසින් කීර්තිමත්, සුදුසුකම් ලත් සහ පළපුරුදු උපදේශන සමාගම් සහ සංවර්ධන මූල්‍ය ආයතන උපදේශක සේවා සැපයීම සඳහා පත් කරනු ලබන අතර ගනුදෙනු සඳහා සහාය වීමට එවැනි ගනුදෙනු උපදේශකයින් තෝරා ගැනීමේ ක්‍රියාවලිය නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතය. ගණුදෙණු උපදේශකයින්, ගනුදෙනු උපාය මාර්ගය සහ විකිනීමට නියමිත ආයතන අලෙවිකරණය සඳහා SRU වෙත සහාය වනු ඇත.

පෞද්ගලීකරණ වැඩසටහන SRU විසින් විනිවිදභාවයෙන් සහ විශ්වසනීය ලෙස සිදු කරනු ලබන අතර ආයෝජකයින් තෝරා ගැනීම EOI / RFP ක්‍රියාවලියක් සමඟ දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය වල ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ වෙළෙඳපොළ විකෘතිතා අවම කිරීම, ආයතනික කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ මහජනතාවට ලබාදෙන සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම තුළින් ඉහළ ආර්ථික ඵලදායිතාවක් සඳහා මෙම ප්‍රතිසංස්කරණ දායක වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත ශ්‍රී ලංකාව ළඟදීම සම්මත කරනවා
Next Article රාමසාන් සමයේදී, ඩුබායි බන්ධනාගාර රැඳවියන්ට සි​ය පවුල් සමඟ සන්නිවේදනය කිරීමට වීඩියෝ ඇමතුම්
Stanly Kularathna

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.