Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Law»මැති ඇමැති රාජ්‍ය සේවක වත්කම් අල්ලස් කොමිසමට – පැමිණිල්ලක් නොමැතිව චෝදනා විමර්ශනයට අවසර
Law

මැති ඇමැති රාජ්‍ය සේවක වත්කම් අල්ලස් කොමිසමට – පැමිණිල්ලක් නොමැතිව චෝදනා විමර්ශනයට අවසර

Stanly KularathnaBy Stanly KularathnaMarch 27, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මැති ඇමැතිවරුන්ගේ සහ රාජ්‍ය සේවකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව මගින් විමර්ශනයට ඉඩ සැලසෙන නව දූෂණ විරෝධී පනතක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය සැපයීමේදී එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රතිපත්තියට අනුගත නව නීති හඳුන්වා දිය යුතු බවට කොන්දේසියක් පනවා තිබේ. අලුත් දූෂණ විරෝධී පනත ගෙන එන්නේ එම තීරණයට අනුගත වෙමිනි. මේ බව පසුගියදා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අවධාරණය කළේය. නව පනත මගින් අල්ලස් දූෂණ කොමිසමට මෙතෙක් පවරා නොතිබූ පුළුල් බලතල රාශියක් ප්‍රදානය කර ඇත. මැති ඇමැතිවරුන්ගේ සහ රාජ්‍ය සේවකයන්ගේ වත්කම් බැරකම් පිළිබඳ විමර්ශනය ඉන් ප්‍රධාන බලතලයකි.

රාජ්‍ය සේවයේ දැනට නියුතුව සිටින ලක්ෂ 15ක් පමණ වන සේවකයන්ගෙන් ලක්ෂ 7ක් පමණ නව පනත යටතට වැටෙනු ඇතැයි දැනගන්නට ඇත. එසේම පාර්ලිමේන්තුවේ තනතුරු දරන මැති ඇමැතින් සියලු දෙනාද නව පනතට යටත් කෙරේ. ඔවුන් සිය වාර්ෂික වත්කම් බැරකම් පිළිබඳ ප්‍රකාශ දැනට ලබාදෙන්නේ සිය ආයතන ප්‍රධානියාටයි. එහෙත් ඉදිරියේදී මේ සියලු දෙනා තම වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට යොමු කළ යුතුය.

නව පනතේ ඇතුළත් තවත් විධිවිධානයක් අනුව යම් රාජ්‍ය සේවකයකු හෝ මැති ඇමැතිවරයකු රුපියල් ලක්ෂ 10කට වඩා දේපළක් අත්පත් කරගතහොත් ඒ බවද කොමිසමට දැනුම් දිය යුතු යැයි නියම කර තිබේ. එසේ නොකරන අය පරි​ඝණක දත්ත පද්ධතියක් මගින් හඳුනා ගැනෙයි. එම දේපළ සම්බන්ධයෙන් යම් සැකයක් ඇත්නම් කිසිම පැමිණිල්ලක් නොමැතිව ඒ ගැන විමර්ශනය කිරීමටද අල්ලස් දූෂණ කොමිසමට බලය ලැබෙයි.

මෙයට අමතරව පෞද්ගලික අංශයේ අල්ලස් දූෂණ, කළු සල්ලි සුදු කිරීම පිළිබඳ වංචා විමර්ශනය, විවිධ ක්‍රීඩා සංගම් හා පාලක මණ්ඩලවල අල්ලස් දූෂණ සම්බන්ධ විමර්ශන, ශ්‍රී ලංකාව විසින් විදේශ රටවල පිහිටුවා ඇති තානාපති කාර්යාලවල සිදුවන දූෂණ වංචා විමර්ශනය කොට නඩු පැවරීමේ බලයද අල්ලස් දූෂණ කොමිසමට අලුතෙන් පවරා ඇත. එම බලතල මෙතෙක් කොමිසමට හිමිව තිබුණේ නැත.

නව පනතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බැවින් එය ඉක්මනින් පාර් ලිමේන්තුව ලවා සම්මත කර ගැනීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වෙයි.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleභාණ්ඩ 150ක පමණ ආනයන සීමා ඉවතට – වාහන ආනයන සීමා තවත් වසරක්
Next Article ණයක් දීලා තොණ්ඩුව දමන අලුත් දඬුවම් මුදලාලිලා
Stanly Kularathna

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.