Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»ණයක් දීලා තොණ්ඩුව දමන අලුත් දඬුවම් මුදලාලිලා
Uncategorized

ණයක් දීලා තොණ්ඩුව දමන අලුත් දඬුවම් මුදලාලිලා

Stanly KularathnaBy Stanly KularathnaMarch 27, 2023No Comments4 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ බොහෝ ජනතාව ජීවත් වන්නේ ඉතාම අසීරුතා මැදය. කන්න වේල සොයාගැනීමට නොමැතිව බොහෝ පිරිසක් එක වේලකින්, නැතිනම් බඩගින්නේ ජීවත් වෙති. කෙසේ හෝ ජීවිතය අල්ලා සිටීමට ඔවුන් උපරිම වෙහෙස දරන අතර අවසානයේ එය දරාගන්නට නොහැකිව ජීවිතය නැති කරගන්න පවා පෙළඹෙති. කෙසේ වෙතත් මේ ජිවිත හානිකරගන්නා බොහෝ අය සම්බන්ධයෙන් සොයා බලනවිට අනාවරණය වන්නේ ඔවුන් එවැනි අසීරු ආර්ථික හිරවීමකට මූලික හේතුව වී ඇත්තේ අධික ණය ලබාගැනීම බවය. අධිකණය බර හමුවේ එම ණය ගෙවා ගැනීමට නොහැකිව බොහෝ දෙනා අවසානයේ ප්‍රශ්නයෙන් බේරීමට යොදාගන්නා එකම සැලසුම වන්නේ ජීවිතය අත් හැර දැමීමයි.

කෙසේ වෙතත් මේ කතාව කියන්න යන්නේ මේ සියදිවි හානිකර ගැනීම් ගැන නොවේය. මේ කියන්නට යන්නේ සියදිවි හානිකර ගැනීම දක්වා ගෙනෙන ණය මාෆියාවක් ගැනය. මේ ලිපිය ලියන්නෙම ඔබව ඉන් ගලවා ගැනීමටය. ඒ නිසා මෙම ලිපිය ඔබටත්, වෙනත් ඔබ දන්නා අයකුටත් මරණයෙන් ගැලවීම සඳහා පාර පෙන්වීමකි.

අපේ රටේ බැංකු පද්ධතියට අමතරව ණය දෙන ආයතන වන්නේ මහබැංකුවේ අනුබද්ධ සහ ලියාපදිංචි ආයතන පමණි. ඒවා විශ්වාසවන්ත ආයතන වන අතර යම් හෙයකින් එම ආයතන කඩා වැටුණත් ඔබ උකස් කළ යම් දෙයක් තිබේද ඒ සියල්ල ඔබට හිමිවනු ඇත. ඒ නිසා වගකීම් සහිතය. සාධාරණ පොලී අනුපාතයන්ය. ඊටත් වඩා වටින්නේ ඔබට වාරිකයක් අත පසුවුවහොත් හෝ ගෙවා ගැනීමට නොහැකි වුවහොත් ඊට සහනයක් ලබාදෙන්නට තරම් ඔවුන් කාරුණික වන බැවිනි.
කෙසේ වෙතත් අප කියන්නට යන්නේ මෙවැනි නීත්‍යානුකූල ආයතන ගැන නොවේය. අප කියන්නට යන්නේ ජනතාව මරු කටට අරගෙන යන කළුකඩ පොලීකාරයන් ගැනය.

මේ දවස්වල වැඩියෙන්ම හතු පිපෙන්නා සේ ඉන්නේද එවැනි කළු කඩ ණය දෙන පිරිස්ය. ඒ පිරිස ගැන අප මෙලෙස අනාවරණය කරන්නෙමු.

අද වනවිට ණය දෙන කුඩා කණ්ඩායම් වැඩියෙන්ම ගැවසෙන්නේ සමාජ මාධ්‍ය තුළය. මටත් ඔබටත් ඇතැම් අවස්ථාවල පැයෙන් ණය දෙන බවත්, නැත්නම් ඇපකරුවන් නැතුව ණය දෙන බවත්, එසේ නැතිනම් ඔන්ලයින් හරහා ණය දෙන බවත් පවසමින් නිරන්තර විවිධ කෙටි පණිවිඩ ලැබීම සාමාන්‍ය දෙයකි. මෙවැනි මැසේජ් දුටු සැණින් ඇතැම් පිරිස් තඹයකට මායිම් නොකළත් බොහෝ අඟ හිඟ ඇති අය, මූල්‍ය අවශ්‍යතා ඇති අය සහ විශේෂයෙන් බැංකුවකින් ණයක් ලබා ගැනීමට නොහැකි පිරිස් ඉක්මනින් මෙම ණය ලබාදෙන අය කෙරෙහි අවධානය යොමුකරති. ඒ සිත් ඇදගන්නා සුළු හදිසි ණය ලබාදීම නිසාය.

අවසානයේ දුරකථනය හා සම්බන්ධ වෙමින්, ඔවුන්ගේ නියෝජිතයන් යොමු කරමින් සිදුකරන මේ මෙහෙයුම නිමා වන්නේ අදාළ ණය අයදුම්කරුගේ වාහනයක්, ඉඩමක් හෝ වෙනත් ඕනෑම දෙයක් ඇපයට තබාගනිමිනි. ඇපයක් නොමැති නම් වෙනත් ශරීර ඇපයක් හෝ තබා ගැනීම ඔවුන්ගේ පුරුද්දය. කෙසේ වෙතත් ණය අවශ්‍යතාවය ඇති පුද්ගලයා කෙසේ හෝ එය ලබාගැනීම සඳහා කුමක් හෝ එකඟතාවයකට අත උස්සනු ඇත. ඒ නිසා අවසානයේ අදාළ ණය කෙසේ හෝ ලබාගනු ඇත. ඒ බව ණය ලබාගත් අය දන්න දෙයකි.

එසේ ලබාගත් ණය වරදින්න වැඩිකලක් ගතවෙන්නේ නැත. බොහෝ විට මෙම ණය ආපසු ගෙවීම සිදුවන්නේ ගමේ පොලීකරුවන් මෙන් දෛනිකවය. නැතහොත් සතියකට වරක්ය. එක දිනයක් හෝ එක සතියක් මග හැරුණහොත් එම වාරිකයට පොලියක් එකතු වී වැල් පොලී වනු ඇත. බොහෝ අසරණ පුද්ගලයන් ඒ පිළිබඳව නොතකා සිටියත් අවසානයේ සිදුවන්නේ දිනෙන් දින පොලිය වැල් පොලී විමය. මේ දිනවල බැංකුවල පවා පොලිය 25%ක් පමණ වනවිට මෙම කණ්ඩායම් වල පොලිය 30% – 40%ත් වීමත්, වැල් පොලී වීමත් නිසා බොහෝ දුප්පතුන් අන්ත අසරණ වනු ඇත. අවසානයේ අදාළ පුද්ගලයන් පැමිණ උකස් කළ දෑ ඉල්ලමින් දබර කරගන්නා විට ඔවුන්ගේ කීමට අවනත වී තමන් සතු සියල්ල එම ණය දෙන ආයතන වෙත දෙන්නට සිදුවේ. ඒ ඔවුන් විසින් සිදුකරන ගිවිසුම් හරහාය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පොලීසියට පවා ගියත් ඇතැම් පොලිස් නිලධාරීන් එම ආයතන හිමිකරුන්වගේ පැත්ත ගෙන ණය හිමියා අසරණ කරන බවද දැනගන්නට ඇත. එසේම ඇතැම් අවස්ථාවල සිදුකළ ගනුදෙනු හමුවේ එම පැමිණිලි බාරගන්න පවා නොහැකි වන බව පොලිස් නිලධාරීහු පවසති. මෙම තත්ත්වය හමුවේ අසරණ වන ණය හිමියන් ජීවිතය නැති කරගන්නා තැනට පත්වනු ඇත. දැන් දැන් එවැනි සිදුවීම් රුසක් වාර්තා වී ඇති බවද පොලීසිය සඳහන් කරයි.

විශේෂයෙන් උතුර, උතුරු මැද පළාත, සබරගමුව, වයඹ, ආදී ප්‍රදේශවල මෙම තත්ත්වය දරුණුවට සිදුවන බවද දැනගන්නට තිබේ. ඒකට හේතු වී ඇත්තේ කෘෂිකර්මාන්තයේ සහ කුඩා ව්‍යාපාරවල යෙදී සිටින පුද්ගලයන් අධික වීමය. ඔවුන් විශාල වශයෙන් ආර්ථික පීඩාවට ලක්ව සිටීම හේතුවෙන් මෙම ණය ලබාගැනීම් සඳහා යොමුවන බව දැනගන්නට ඇත.

ක්ෂුද්‍ර මුල්‍ය ණයදෙන ආයතන ලෙස හඳුන්වන්නේද එක් පැත්තකින් මෙම ණය ලබාදෙන පුද්ගලයන්ය. මොවුන් නිසා අද වනවිට වාහන, ඉඩකඩම් පවා අසරණයන් පිරිසකට අහිමි වෙමින් තිබේ. ඇතැම් ජනතාව අදටත් සිටින්නේ ජීවිතය ගැන අවදානමකය. මේ මොහොත වනවිටත් ඇතැම් ණය හිමියන් තමන්ගේ ජීවිතය නැතිකරගන්න සිතනවාර අනන්තය. ඒ නිසා පැහැදිලිවම සඳහන් කරන්නේ මෙම ඔන්ලයින් හරහා හෝ ළඟට පැමිණ හෝ ලබාදෙන ණය දෙන්නන්ගෙන් ණය ලබා ගැනීම අපේ භාෂාවෙන් ”වහ කෑවා හා සමානය.” ඒ නිසා ඔබත් මේ මොහොතේ එවැනි තීරණයක සිටිනවා නම් ඉන් ඉක්මනින් ඉවත් වන ලෙස දැනුම් දෙන්නෙමු. මහ බැංකුවේ ලියාපදිංචි නොවන ඕනෑම ණය දෙන ආයතනයක් ජීවිතයටම අවදානමක් බව මතක තබාගත යුතු කාරණයකි.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමැති ඇමැති රාජ්‍ය සේවක වත්කම් අල්ලස් කොමිසමට – පැමිණිල්ලක් නොමැතිව චෝදනා විමර්ශනයට අවසර
Next Article UAE හි “බිලියන එකක් ආහාර පරිත්‍යාග” රාමසාන් ආහාර අරමුදල​ට, සතියකදී ඩිරාම් මිලියන 247ක් ලැබේ
Stanly Kularathna

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.