Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Agriculture»යල කන්නයට ඉතිහාසයේ වැඩිම කුඹුරු ප්‍රමාණය මෙවර
Agriculture

යල කන්නයට ඉතිහාසයේ වැඩිම කුඹුරු ප්‍රමාණය මෙවර

Stanly KularathnaBy Stanly KularathnaApril 9, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් 2023 යල කන්නයේ දී වී වගා කිරීමට අපේක්ෂිත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 570,000ක් වුවත් මඩ පොහොර නොමිලයේ ලබා දීමත් සමග වගා කරන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 07 දක්වා ඉහළ යා හැකි බව කෘෂිකර්ම අංශ අවධාරණය කරයි. පසුගියදා සියලු පළාත් කෘෂිකර්ම බලධාරින් හා මහවැලි අධිකාරියේ‍ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණය විය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේ දී අමාත්‍යවරයා සදහන් කළේ මෙතෙක් අප රටේ යල කන්නයක දී වගා කළ වැඩිම කුඹුරු ප්‍රමාණය මෙවර වාර්තා විය හැකි බවයි.

වගා කන්න තුනකට පසු සියලු රසායනික පොහොර එකවර ලැබෙන පළමු කන්නය මෙම යල කන්නය වේ. එමෙන්ම දැනට අප රටේ තිබෙන ජලාශ හා වැව් බහුතරයක වගාවට අවශ්‍ය තරම් විශාල ජල ප්‍රමාණයක් ද වාර්තා වන බැවින් ගොවීන් සියලු දෙනාම වී වගා කිරීමට සූදානමින් සිටිති.

ගොවීන්ගේ නිෂ්පාදන වියදම් පහත දැමීම සදහා රජය මෙවර යල කන්නයේ දී සුවිශේෂි පියවරක් වශයෙන් වී වගා කරන සෑම ගොවියෙකුටම පොහොර මිල දී ගැනීම සඳහා හෙක්ටෙයාර් 01කට රුපියල් 20,000ක මුදලක් හා හෙක්ටෙයාර් දෙකක් වගා කරන ගොවීන්ට රුපියල් 40,000ක මුදලක් වශයෙන් සහනාධාර මුදලක් ලබා දීමට ද කටයුතු යොදා තිබේ.

මෙම මුදල ලබා දෙන්නේ මඩපොහොර නොමිලයේ ලබා දෙන අතරම අනිකුත් පොහොර මිල දී ගැනීම සඳහාය. එමෙන්ම රජය විසින් ලබා දෙන යුරියා පොහොර හා බන්ඩි පොහොර මිල ද තවදුරටත් අඩු කිරීමට කටයුතු යොදා ඇතැයි ද අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේ දී සඳහන් කළේය.

එමෙන්ම ගොවි ජනතාවගේ ඉල්ලීම පරිදි වල් නාශක හා පළිබෝධ නාශක මිල ගණන් ද 20%කින් පහළ දැමීමට වල්නාශක හා පළිබෝධ නාශක ආනයනය කරන හා බෙදාහරින සමාගම් එකඟත්වය පළ කර තිබෙන නිසා ගොවීන්ට තවදුරටත් වගාවට අවශ්‍ය සහන සැළසෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleරාමසාන් මාසයේ මුස්ලිම් පල්ලි ඉදිරිපිට වාහන ගමනාගමනය අවහිර කිරීමට එරෙහිව පොලිසිය රියදුරන්ට අනතුරු අඟවයි
Next Article IPL 2023 තරඟ​යේ අලුතින් හඳුන්වා දුන් Impact Player
Stanly Kularathna

Related Posts

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.