Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Fines»රාමසාන් මාසයේ මුස්ලිම් පල්ලි ඉදිරිපිට වාහන ගමනාගමනය අවහිර කිරීමට එරෙහිව පොලිසිය රියදුරන්ට අනතුරු අඟවයි
Fines

රාමසාන් මාසයේ මුස්ලිම් පල්ලි ඉදිරිපිට වාහන ගමනාගමනය අවහිර කිරීමට එරෙහිව පොලිසිය රියදුරන්ට අනතුරු අඟවයි

Stanly KularathnaBy Stanly KularathnaApril 9, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අබුඩාබි පොලිසිය පසුගි​යදා නව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර, මෙම ශුද්ධ වූ රාමසාන් මාසයේ සෑම විටම පල්ලි ඉදිරිපිට රථවාහන නිසි ලෙස ගාල් කරන ලෙස රියදුරන්ට මතක් කර දෙනවා.

විශේෂයෙන්ම තරාවීහ් යාච්ඤාව අතරතුර මුස්ලිම් පල්ලි ඉදිරිපිට ගමනාගමනය අවහිර වී අනතුරක් සිදු විය හැක. සමහර අවස්ථාවලදී, එය හදිසි වාහන ගමනාගමනයට බාධාවක් විය හැකි අතර ජීවිතාරක්ෂක මෙහෙයුම් පවා ප්‍රමාද කළ හැකි බව අබුඩාබි පොලිසිය සමාජ මාධ්‍යවල බෙදාගත් උපදේශනයේ සඳහන් කරයි.

“ඔබේ වාහනය පදික වේදිකාවේ නවතා පදිකයින් ගැවසෙන ස්ථාන ආක්‍රමණය කිරීමෙන් වළකින්න. මාර්ගය සෑම කෙනෙකුටම අයත් වන බැවින් අතරමග නවතා ප්‍රවේශයන් අවහිර කිරීමෙන් වළකින්න,” උපදේශනයේ වැඩිදුරටත් සඳහන් වි​ය.

නම් නොකළ ප්‍රදේශවල සහ පදික වේදිකාවල වාහන නැවැත්වීම ඩිරාම් 1,000 දක්වා දඩයකට යටත් කළ හැකි රථවාහන වරදක් බව පළාත් පාලන ආයතන මෑත කාලීන උපදේශනයක සඳහන් කළේය.

දඩ වට්ටම්

අබුඩාබි පොලිසියේ රථවාහන වැරදිකරුවන්ට දඩ මුදල් කලින් ගෙවීම් කළහොත් වට්ටම් ලබා ගත හැකි ක්‍රමයක් තිබේ. වැරදි කරන රියදුරන් දඩ මුදල් දින 60ක් ඇතුළත ගෙවන්නේ නම් ඔවුන්ට 35%ක වට්ටමක් ලැබේ. ඔවුන් දින 60ක කාලයෙන් පසුව සහ වසරකට අඩු කාලයක් තුල ගෙවන්නේ නම්, ඔවුන්ට 25%ක වට්ටමක් හිමි​වේ.

අබුඩාබි රජයේ ඩිජිටල් නාලිකා හරහා හෝ පොලිසියේ පාරිභෝගික සේවා වේදිකාවලින් දඩ මුදල් ගෙවිය හැකිය.

මෝටර් රථ හිමියන්ට අබුඩාබි කොමර්ෂල් බැංකුව (ADCB), අබුඩාබි ඉස්ලාම් බැංකුව (ADIB), First Abu Dhabi Bank (FAB), Mashreq Bank සහ Emirates Islamic Bank හරහා පොලී රහිත වාරික වශයෙන්​ද ගෙවීම් ක​ල හැකිය.

Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි මෝටර් රථ අංක තහඩු වෙන්දේසියේදී “P7” නව වාර්තාවක් තබමින් ඩිරාම් මිලියන 55ක​ට අලෙවි ​වේ
Next Article යල කන්නයට ඉතිහාසයේ වැඩිම කුඹුරු ප්‍රමාණය මෙවර
Stanly Kularathna

Related Posts

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.