Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»ඩුබායිහි ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජ​ය, ශ්‍රී ලංකාවේත් වැ​ඩ අර​ඹයි
Sports

ඩුබායිහි ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජ​ය, ශ්‍රී ලංකාවේත් වැ​ඩ අර​ඹයි

Stanly KularathnaBy Stanly KularathnaApril 11, 2023Updated:April 11, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලයන් ශ්‍රී ලංකා ශාඛා​ව පසුගියදා කොළඹදී ආරම්භ වූ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිය සලකුණ තබමින් ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා කිරීමට සහ ක්‍රීඩා අංශ දියුණු කිරීමට නියමිතයි.

ශ්‍රී ලයන්ස් ක්‍රීඩා ආයතනයක් ලෙස ශ්‍රී ලංකාවේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්​ට ඔවුන්ගේ දක්ෂතා පෙන්වීමට මෙන්ම ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමට වේදිකාවක් සලසා දෙනු ඇත. මීට අමතරව විවිධ ක්‍රීඩාවන් හි අභිවෘද්ධිය සඳහා ගම් මට්ටමින් ලබාදි​යයුතු සහය, ආධාර හා උපදේශනය ශ්‍රී ලයන්ස් ක්‍රීඩා ආයතනය මගින් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.

දේශීය හා විදේශීය පුහුණුකරුවන්ගෙන් සමන්විත ලෝක මට්ටමේ සහායක කාර්ය මණ්ඩලයක් සමඟින් ශ්‍රී ලයන්ස් ආරම්භයේදී මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, ක්‍රිකට්, පාපන්දු, ගොල්ෆ්, හොකී, නෙට්බෝල්, රග්බි සහ වොලිබෝල් වැනි විවිධ ක්‍රීඩා ක්ශේත්‍ර නවයකින් ශ්‍රී ලංකාවේ සිය ගමන ආරම්භ කරනු ඇත.

විවිධ ක්‍රීඩා වල ජ්‍යෙෂ්ඨ කණ්ඩායම්වලට අමතරව, ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාවට ඉහළ පෙළේ පුහුණු ක්‍රමවේද අත්විඳීමට සහ ගෝලීය වශයෙන් පිළිගත් ක්‍රීඩකයන්ගේ උපදේශකත්වය ලබා ගැනීමට ශ්‍රී ලයන්ස් ශ්‍රී ලංකා ඇකඩමියේ ඉඩ පහසුකම් සලසනු ඇත.

කැලුම් සුජිත් පෙරේරා මහතා

ශ්‍රී ලයන්ස් ශ්‍රී ලංකා නිර්මාතෘ සහ සභාපති කැලුම් සුජිත් පෙරේරා මහතා මෙසේ පැවසීය: “පසුගිය කාලයේ ශ්‍රී ලංකාව​ට දැඩි මූල්‍යමය අපහහුතා වලට මුහුණ දෙන්නට සිදුවුනා, නමුත් අපි ඉහළ පෙළේ ක්‍රීඩා තරු දහස් ගණනක් ලොවට බිහි කළ රටක්. රට පුරා සිදුවන විවිධ දේ නිසා මේ රටේ ක්‍රීඩාව පසුබසින බව අපි නිරීක්ෂණය කලා, ඒ නිසා ක්‍රීඩාව නඟා සිටුවීමට දායක වීම අපගේ වගකීමක් හා යුතුකමක් බව අපට හැඟී ගියා.”

ශ්‍රී ලයන්ස් ශ්‍රී ලංකා, ඩුබායි මධ්‍යස්ථාන​යේ  මට්ටමට ළඟා කරව​න බවට කැලුම් සුජිත් මහතා පොරොන්දු විය. “මුලදී අපි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලයන් ආයතනය පිහිටුවනු ලැබුවේ මීට වසර කිහිපයකට පෙරයි. ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ක්‍රීඩා කටයුතුවල නිරත වීමට අවස්ථාව ලබාදීම සඳහායි. දැන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින බහුත​ර ශ්‍රී ලාංකිකයන්ගේ ක්‍රීඩා මධ්‍යස්ථානය බවට ශ්‍රී ලයන්ස් පත්වී තිබෙනවා,” ඔහු වැඩිදුරටත් පැවසුවා.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායිහි අධි තාක්‍ෂණික ස්මාර්ට් පදික සංඥා : අනතුරු කිසිවක් සිදුවී නැහැ
Next Article යාපනයේ කා​බනික ඇඹුල් කෙසෙල් ඩුබායි වෙ​ත
Stanly Kularathna

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.