ශ්‍රී ලයන් ශ්‍රී ලංකා ශාඛාව පසුගියදා කොළඹදී ආරම්භ වූ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිය සලකුණ තබමින් ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා කිරීමට සහ ක්‍රීඩා අංශ දියුණු කිරීමට නියමිතයි.
ශ්‍රී ලයන්ස් ක්‍රීඩා ආයතනයක් ලෙස ශ්‍රී ලංකාවේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ දක්ෂතා පෙන්වීමට මෙන්ම ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමට වේදිකාවක් සලසා දෙනු ඇත. මීට අමතරව විවිධ ක්‍රීඩාවන් හි අභිවෘද්ධිය සඳහා ගම් මට්ටමින් ලබාදියයුතු සහය, ආධාර හා උපදේශනය ශ්‍රී ලයන්ස් ක්‍රීඩා ආයතනය මගින් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.
දේශීය හා විදේශීය පුහුණුකරුවන්ගෙන් සමන්විත ලෝක මට්ටමේ සහායක කාර්ය මණ්ඩලයක් සමඟින් ශ්‍රී ලයන්ස් ආරම්භයේදී මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, ක්‍රිකට්, පාපන්දු, ගොල්ෆ්, හොකී, නෙට්බෝල්, රග්බි සහ වොලිබෝල් වැනි විවිධ ක්‍රීඩා ක්ශේත්‍ර නවයකින් ශ්‍රී ලංකාවේ සිය ගමන ආරම්භ කරනු ඇත.
විවිධ ක්‍රීඩා වල ජ්‍යෙෂ්ඨ කණ්ඩායම්වලට අමතරව, ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාවට ඉහළ පෙළේ පුහුණු ක්‍රමවේද අත්විඳීමට සහ ගෝලීය වශයෙන් පිළිගත් ක්‍රීඩකයන්ගේ උපදේශකත්වය ලබා ගැනීමට ශ්‍රී ලයන්ස් ශ්‍රී ලංකා ඇකඩමියේ ඉඩ පහසුකම් සලසනු ඇත.
ශ්‍රී ලයන්ස් ශ්‍රී ලංකා නිර්මාතෘ සහ සභාපති කැලුම් සුජිත් පෙරේරා මහතා මෙසේ පැවසීය: “පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට දැඩි මූල්‍යමය අපහහුතා වලට මුහුණ දෙන්නට සිදුවුනා, නමුත් අපි ඉහළ පෙළේ ක්‍රීඩා තරු දහස් ගණනක් ලොවට බිහි කළ රටක්. රට පුරා සිදුවන විවිධ දේ නිසා මේ රටේ ක්‍රීඩාව පසුබසින බව අපි නිරීක්ෂණය කලා, ඒ නිසා ක්‍රීඩාව නඟා සිටුවීමට දායක වීම අපගේ වගකීමක් හා යුතුකමක් බව අපට හැඟී ගියා.”
ශ්‍රී ලයන්ස් ශ්‍රී ලංකා, ඩුබායි මධ්‍යස්ථානයේ මට්ටමට ළඟා කරවන බවට කැලුම් සුජිත් මහතා පොරොන්දු විය. “මුලදී අපි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලයන් ආයතනය පිහිටුවනු ලැබුවේ මීට වසර කිහිපයකට පෙරයි. ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ක්‍රීඩා කටයුතුවල නිරත වීමට අවස්ථාව ලබාදීම සඳහායි. දැන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින බහුතර ශ්‍රී ලාංකිකයන්ගේ ක්‍රීඩා මධ්‍යස්ථානය බවට ශ්‍රී ලයන්ස් පත්වී තිබෙනවා,” ඔහු වැඩිදුරටත් පැවසුවා.