Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Export»යාපනයේ කා​බනික ඇඹුල් කෙසෙල් ඩුබායි වෙ​ත
Export

යාපනයේ කා​බනික ඇඹුල් කෙසෙල් ඩුබායි වෙ​ත

Stanly KularathnaBy Stanly KularathnaApril 12, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

යාපනයේ අක්කර 350ක වගා කර ඇති කාබනික ඇඹුල් කෙසෙල් පළමු තොගය කිලෝ ග්‍රෑම් 25,000ක් බැගින් මෙම මස 28 දින සිට සෑම සතියකම ඩුබායි වෙළෙඳපොළට යැවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කළේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය යටතේ අප රටේ ඇඹුල් කෙසෙල් අපනයන කළාප පිහිටුවීමේ වැඩ පිළිවෙළ යටතේ මේ වනවිට 18 වතාවක් රාජාංගනයේ ඇඹුල් කෙසෙල් අපනයනය කරනු ලැබ තිබේ.

මීට අමතරව යාපනය ප්‍රදේශයේ ස්ථාපිත කර තිබෙන අක්කර 350ක පමණ වන කාබනික ඇඹුල් කෙසෙල් වගාවේ පළමු තොගය වශයෙන් කිලෝ ග්‍රෑම් 25,000ක් මෙම මස 28 දින අපනයනය කිරීමට යෝජිතය. යාපනයේ ඇඹුල් කෙසෙල් වගාවෙහි ගොවීන් 600ක් නිරතව සිටින අතර තවත් හෙක්ටෙයාර් 650ක් දක්වා එම වගාව ව්‍යාප්ත කිරීමට නියමිතය.

මීට අමතරව ඇඹුල් කෙසෙල් අපනයන කලාපයක් ඇඹිලිපිටිය හා හම්බන්තොට ආශ්‍රිතව මේ වසර තුළ ස්ථාපිත කිරීමට කටයුතු යොදා තිබේ. ඊට අමතරව සෙවනගල ප්‍රදේශයේ කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 150ක මුදලක් වෙන් කර ඇති අතර යාපනයේ සැකසුම් මධ්‍යස්ථානයේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන බ​ව අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජාංගනයේ ඇඹුල් කෙසෙල් අපනයනය මගින් එක් වරකට ඩොලර් 20,000ක මුදලක් රටට අපනයන ආදායම් වශයෙන් ලැබෙන අතර යාපනයේ කෙසෙල් අපනයනය මගින් සතිපතා මෙරටට ඩොලර් 40,000ක ආදායමක් ලැබීමට නියමිතය. දැනට අප රටේ ඇඹුල් කෙසෙල් සඳහා විදේශ වෙළෙඳ පොලෙහි විශාල ඉල්ලුමක් පැවතියක් තවමත් අප රටේ ගොවීන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනූව වගා නොකරන බැවින් සමස්ත ඉල්ලුමට සාපේක්ෂව සැපයීමේ අපහසුතා පවතී. නමුත් කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් ලබා දෙන තාක්ෂණික පුහුණුව නිසා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඇඹුල් කෙසෙල් වගා කිරීම සිදු කෙරේ.

යාපනයේ ඇඹුල් කෙසෙල් වගාවට රසායනික පොහොර කිසිවක් නොයොදන අතර එම ගොවීන් ඒ සඳහා භාවිතා කරනුයේ කාබනික පොහොර පමණක් නිසා යාපනයේ ඇඹුල් කෙසෙල්වලට ඉදිරි කාලය තුළ අනෙකුත් රටවලින් ද ඉහළ ඉල්ලුමක් ලබා ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායිහි ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජ​ය, ශ්‍රී ලංකාවේත් වැ​ඩ අර​ඹයි
Next Article ශ්‍රී ලංකාවේ රිළවුන් 100,000ක් චීනය​ට
Stanly Kularathna

Related Posts

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.