Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»පාස්කු ඉරු දින ප්‍රහාරය සිදුවී අදට සිව් වසරක්
Uncategorized

පාස්කු ඉරු දින ප්‍රහාරය සිදුවී අදට සිව් වසරක්

Stanly KularathnaBy Stanly KularathnaApril 21, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පාස්කූ ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අද (අප්‍රේල් 21) දිනට වසර හතරක් ගත වී තිබේ.

එම ප්‍රහාරයෙන් මිය ගිය තැනැත්තන් සිහි කරමින් සහ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා සිටිමින් අද උදෑසන 8.00 සිට කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ සිට කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ජන පවුරක් නිර්මාණය කිරීමට නියමිතය.

ඒ බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ කතෝලික සභාව ඉකුත් දා සඳහන් කළේ ය.

එමෙන් ම, අද පෙරවරු 8.45ට ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වීමට ද නියමිතය.

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේ මෙරට කතෝලික හා ක්‍රිස්තියානි පල්ලි තුනක් ද, කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක් ද ඉලක්ක කර ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල විය.

එදිනම, දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයක ද, දෙහිවල පිහිටි ලැගුම්හලක ද පිපිරීම් සිදු ව වූ අතර එම ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 277 දෙනෙක් මරණයට පත් වූහ.

මිය ගිය පිරිස අතර විදේශිකයන් 45 දෙනෙකු සහ පොලිස් නිලධාරීන් තිදෙනෙක් ද වූහ.

ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුවන් අටදෙනා ද ඉන් මරණයට පත් වී තිබුණු අතර තවත් 500කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබිණි.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ බලශක්ති සහ සංචාරක ක්ෂේත්‍ර දියුණු කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ​ය
Next Article ඊද් අල් ෆිතර් නිවාඩුවේදී සෙල්සියස් අංශක 37 දක්වා උෂ්ණත්වය සහ දූවිලි කුණාටු
Stanly Kularathna

Related Posts

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.