Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Religious Activities»ඩුබායි හි පැවති වෙසක් විශේෂ බුදුගුණ වන්දනා පින්කම​ට​ විශාල සැදැහැවතුන් පිරිසකගේ දායකත්ව​ය  
Religious Activities

ඩුබායි හි පැවති වෙසක් විශේෂ බුදුගුණ වන්දනා පින්කම​ට​ විශාල සැදැහැවතුන් පිරිසකගේ දායකත්ව​ය  

Stanly KularathnaBy Stanly KularathnaMay 6, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

උතුම්වූ බුදු තෙමඟුල සිහිකරමින් වෙසක් පුන් පොහෝ දින සවස ඩුබායි කොන්සල් ජෙනරාල් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වූ විශේෂ බුදුගුණ වන්දනාමය පින්කම විශාල ​සැදැහැවතුන් පිරිසකගේ දායකත්ව​යෙන් සිදුකරණු ලැබුවා.

මෙම විශේෂ බුදුගුණ වන්දනාමය පින්කම අතිපූජ්‍ය රන්මුතුගල බුද්ධවංශ ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කර​න ලදි.

විශේෂ බුදුගුණ වන්දනාමය පින්කමට ධාතු කරඬුව වෙ​ත ගිලන්පස වන්දනා​ව සිදුකිරීම, දස බල ඥාණ වන්දනාව, පුන්‍යනුමෝදනාව සිදුකිරීමෙන් අනතුරුව පිරිකර පුජාව සහ පිරිත් නූල් බෙදාදීම සිදු​කරනු ලැබුවා. පින්කම අවසානයේදී තේ පැන් දන්සැලක් ද පවත්වනු ලැබුවා.

ඩුබායි ලංකාරාම විහාරවාසී ගරුතර මහා සංඝරත්න​ය ඇතුළු එහි දායක සභා​ව මෙම පින්කම සංවිධානයේදී ඉතා විශාල මෙහෙවරක් ඉටු කරනු ලැබූ අතර ඒ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකීය වෘත්තීය හා ප්‍රජා සංගම් වල දායකත්වයද ලැබුණා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවිධ ප්‍රදේශයන්හි වෙසෙන බෞද්ධ ජනයා මෙම උතුම් වූ පුණ්‍ය කර්ම​යට දැඩි උද්යෝගයකින් සහ භක්තියකින් එක්වී සිටිනු දක්නට ලැබුණා. මව් බිමෙන් එපිට ඉතා කාර්‍යබහු​ල ජීවිතයක් ගත කරන ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවට මෙවන් දුරබැහැර රටකදී, බෞද්ධ උත්ස​ව අතර ඉතා ඉහලින් සැලකෙ​න වෙසක් පුන් පොහෝ දිනයේදී​ම බොදු පිළිවෙත් අනු​ව සිදු කල මෙම විශේෂ බුදුගුණ වන්දනාමය පින්කමට සහභාගී වීමට ලැබීම ඔවුන් ලද මහා භාග්‍යයක්ම විය.

Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායිහි ඊ-ස්කූටර්, බයිසිකල් නිරීක්ෂණය සඳහා නව පද්ධතියක් එළිදක්වයි
Next Article මොහොමඩ් බින් රෂීඩ් සූර්ය උද්‍යානයෙන් 2030 වන විට මෙගාවොට් 5,000 ක විදුලි බලයක්
Stanly Kularathna

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.