උතුම්වූ බුදු තෙමඟුල සිහිකරමින් වෙසක් පුන් පොහෝ දින සවස ඩුබායි කොන්සල් ජෙනරාල් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වූ විශේෂ බුදුගුණ වන්දනාමය පින්කම විශාල සැදැහැවතුන් පිරිසකගේ දායකත්වයෙන් සිදුකරණු ලැබුවා.
මෙම විශේෂ බුදුගුණ වන්දනාමය පින්කම අතිපූජ්‍ය රන්මුතුගල බුද්ධවංශ ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.
විශේෂ බුදුගුණ වන්දනාමය පින්කමට ධාතු කරඬුව වෙත ගිලන්පස වන්දනාව සිදුකිරීම, දස බල ඥාණ වන්දනාව, පුන්‍යනුමෝදනාව සිදුකිරීමෙන් අනතුරුව පිරිකර පුජාව සහ පිරිත් නූල් බෙදාදීම සිදුකරනු ලැබුවා. පින්කම අවසානයේදී තේ පැන් දන්සැලක් ද පවත්වනු ලැබුවා.
ඩුබායි ලංකාරාම විහාරවාසී ගරුතර මහා සංඝරත්නය ඇතුළු එහි දායක සභාව මෙම පින්කම සංවිධානයේදී ඉතා විශාල මෙහෙවරක් ඉටු කරනු ලැබූ අතර ඒ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකීය වෘත්තීය හා ප්‍රජා සංගම් වල දායකත්වයද ලැබුණා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවිධ ප්‍රදේශයන්හි වෙසෙන බෞද්ධ ජනයා මෙම උතුම් වූ පුණ්‍ය කර්මයට දැඩි උද්යෝගයකින් සහ භක්තියකින් එක්වී සිටිනු දක්නට ලැබුණා. මව් බිමෙන් එපිට ඉතා කාර්යබහුල ජීවිතයක් ගත කරන ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවට මෙවන් දුරබැහැර රටකදී, බෞද්ධ උත්සව අතර ඉතා ඉහලින් සැලකෙන වෙසක් පුන් පොහෝ දිනයේදීම බොදු පිළිවෙත් අනුව සිදු කල මෙම විශේෂ බුදුගුණ වන්දනාමය පින්කමට සහභාගී වීමට ලැබීම ඔවුන් ලද මහා භාග්‍යයක්ම විය.