Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Fines»UAE හි හදිසි වාහන අවහිර කිරීම සඳහා ඩිරාම් 3,000​ක දඩයක්
Fines

UAE හි හදිසි වාහන අවහිර කිරීම සඳහා ඩිරාම් 3,000​ක දඩයක්

Stanly KularathnaBy Stanly KularathnaJune 11, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මාර්ගයේදී ගිලන්රථ, පොලිසිය සහ අනෙකුත් හදිසි වාහන සඳහා ඉඩ ලබා දෙන ලෙසත්, නිවැරදි රථවාහන හැසිරීම් පිළිපදින ලෙසත්, ඔවුන් හැකි ඉක්මනින් තම ගමනාන්තයට ළඟා වන බවට සහතික වන ලෙසත් ය.

අබුඩාබි සිවිල් ආරක්ෂක අධිකාරිය තම රාජකාරි කටයුතු කරගෙන යන අතරතුර එවැනි වාහනවලට ඉඩ නොදී​ම පිළිබඳව දැනුවත් කිරීමේ වීඩියෝවක් අන්තර් ජාලයට එක්කර තිබේ.

හදිසා වාහනවලට ඉඩ නොදීම සඳහා වන දඩය ඩිරාම් 3,000 ක දඩයක් වන අතර, වාහනය දින 30 කට රාජසන්තක කිරීම සහ වාහන හිමිකරුගේ බලපත්‍රයට රථවාහන ලකුණු (traffic points) 6 ක් පැනවීම බව අධිකාරිය නිවේදනය කළේය.

ෆෙඩරල් රථවාහන සහ රථවාහන නීතියේ අඩංගු “හදිසි වාහන, ගිලන්රථ, පොලිසිය හෝ නිල රථ පෙළට ඉඩ ලබා දීමට අපොහොසත් වීම” සඳහා දඩය දැඩි කිරීම​ට සංශෝධනයක්, රථවාහන ආරක්ෂාව පිළිබඳ උපරිම මට්ටම සහතික කිරීම​ වෙනුවෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය මීට පෙර ප්‍රකාශයට පත් කර තිබුණි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැක්මට අනුව රථවාහන ආරක්ෂාව සඳහා ඉහළම මට්ටම් ලබා ගැනීම, අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව අවම කිරීම සහ ජාතික න්‍යාය පත්‍රයේ දර්ශකවල ඉලක්කය සපුරා ගැනීම මෙම තීරණයේ අරමුණයි.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ හදිසි වාහනවලට සහ නිල වාහනවලට බාධා කිරීම් උල්ලංඝනය කිරීම් පාලනය කිරීම සඳහා සිවිල් මුර සංචාර පවත්වන බවත්, වාහන හැකි ඉක්මනින් බාධාවකින් හෝ ප්‍රමාදයකින් තොරව තම අපේක්ෂිත ස්ථාන කරා ළඟා වීම සඳහා සියලු දෙනා ආරක්ෂිත බව සහතික කිරීම සඳහා මාර්ගවල හා හදිසි වාහනවල සවි කර ඇති ස්මාර්ට් පද්ධති සහ කැමරා මඟින් රථවාහන හා නීති කඩ කිරීම් නිරීක්ෂණය කරන බවත්ය.

හදිසි වාහනවල සයිරන් ඇසෙන විට හෝ විදුලි පහන් දැල්වෙන විට එම වාහනවලට ප්‍රමුඛත්වය දෙමින් ආරක්ෂාව වැඩි කිරීමටත් ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමටත් සියලු දෙනා වගකීමෙන් යුතුව දායක විය යුතු බවට අමාත්‍යාංශය රියදුරන්ට දන්වා සිටියා.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAE, 2024 වසරේ සංවර්ධන​ය 1.1% සිට 3.4% දක්වා වැඩි වන බව​ ලෝක බැංකුව පුරෝකථනය කරයි
Next Article අබුඩාබිහි අවන්හල්වල​ට ආහාර සුරක්ෂිත තාවය සඳහා ශ්‍රේණිගත කිරීම්
Stanly Kularathna

Related Posts

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.