ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 9 ක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිළ වශයෙන් දැනුම් දී ඇත.

ඒ අනුව තරගාවලියේ පැවැත්වෙන තරග 13 න් තරග 9 ක් ශ්‍රී ලංකාවේද ඉතිරි තරග 4 පාකිස්ථාන​යේද පැවැත්වෙනු ඇත.

එළඹෙන අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේ සත්කාරකත්වය සම්පූර්ණයෙන්ම පාකිස්ථානයට ලබා දීමට තිබුණත්, ඉන්දියාව පාකිස්ථානයේ සංචාරය කිරිමට අකමැති වීම හේතුවෙන් , තරගාවලිය දෙමුහුන් ආකාරයට රටවල් දෙකක පැවැත්වීමට යෝජනා විය.

තරගාවලියට ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය හා නේපාලය තර​ඟ වැදීමට නියමිතය.

Share.

Comments are closed.