ඩුබායි මහ නගර සභාව නගරයේ වෙරළ තීරය ඉහළ ආකර්ශණීය තත්වයකින් තබා ගැනීමේ මෙහෙයුමක යෙදී සිටී. එහි නවතම ව්‍යාපෘතියේ කොටසක් ලෙස, ඩුබායි මහ නගර සභාව විසින් Al Mamzar Corniche, Jumeirah 1, Jumeirah 3, සහ Umm Suqeim 1 ඇතුළු එමිරේට්ස් හි පොදු වෙරළ තීරයන් වැඩිදියුණු කිරීම සඳහා ඩිරාම් මිලියන 93ක් වැය කර ඇත.

වෙරළ තීරයන් විශාල කරමින්, නගරයේ මෙම පොදු වෙරළ තීරයන් සඳහා අළුතින් වර්ග මීටර් 112,000 ක ඉඩ ප්‍රමාණයක් එක් කර ඇත. අමතර ඉඩ ප්‍රමාණය විනෝදාත්මක ක්‍රියාකාරකම්, අනාගත සංවර්ධන සහ නව පහසුකම් සහ සේවා සඳහා යොදා ගැනේ.

දැ​න​ට සම්පූර්ණ කර ඇති ව්‍යාපෘති​යේ, වෙරළ ආරක්ෂණ පහසුකම් ගොඩනඟා නැවුම් වැලි එකතුකිරීම මගින් ඩුබායිහි වැලි වෙරළ ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. මෙම පියවර මගින් බලාපොරොත්තු වන්​නේ ස්ථාවරත්වය සහ තිරසාර බව සහතික කිරීම සහ කුණාටු වලදී ජලයෙන් යටවීම වැළැක්වීම සඳහා බිම් මට්ටම ඉහළ නැංවීමයි.

Umm Suqeim Beach 1 – වර්ග මීටර් 30,000 ක භූමි ප්‍රමාණයකින් යුත් නව ඉඩමක් සමඟින් ආසන්න වශයෙන් මීටර් 500 ක අමතර වෙරළ තීරයක් එකතු ක​ර ගැනීම විශේෂ කරුණකි.

Al Mamzar Corniche Beach – වර්ග මීටර් 9,000 ක භූමි ප්‍රමාණයක් නැවත ගොඩ කර මීටර් 100 ක් දිග පාෂාණ තීරුවක් එක් කො​ට ඇත.

Jumeirah 1 – වෙරළෙහි යාවත්කාලීන කිරීම මගින්, මීටර් 1,000 ක සම්පූර්ණ දිගක් තුළ වෙරළ වැලි ඝන මීටර් 125,000 ක් වෙරළට සැපයීම සහ පෝෂණය කිරීම ඇතුළත් විය. අනෙකුත් වැඩිදියුණු කිරීම් අතර දැනට පවතින වෙරළ තීරයන් නඩත්තු කිරීම සහ ඒවායේ දිග ආසන්න වශයෙන් මීටර් 160 කින් වැඩි කිරීම ඇතුළත් වේ.

Jumeirah Beach 3 – වෙරළ වැලි ඝන මීටර් 580,000 ක් සහ පාෂාණ ඝන මීටර් 30,400 ක් එක් කිරීම සහ පාෂාණ තීරු වැනි අනෙකුත් වැඩිදියුණු කිරීම් ද සපයන ලදී.

Share.

Comments are closed.